Translate

Tuesday 30 May 2023

 

මෙමොරීස් ඔෆ් ද ස්වොඩ්



අද මම ඔබ වෙත රැගෙන ඒමට බලා බලාපොරොත්තු වන්නේ  2014 එළි දැක්වූ "Memories Of The Sword" නමැති දකුණු කොරියානු චිත්‍රපටයයි. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ පර්ක් හෙවුන් සික් විසිනි.මෙහි නිෂ්පාදකවරුන් ලෙස ලී දේ හී,කිම් හියුන් චුල්,කිම් ජූ කියුන් සහ ජුන්ග් ගෙවූන් ජා පෙන්වා දිය හැක. එසේ නම් වැඩි කථා බහක් නොමැතිව අප චිත්‍රපටය වෙත යොමුවෙමු.
මෙම කතාව ආරම්භ වෙන්නේ සටන් කලාව පුහුණු කරමින් සිටින ගැහැනු ළමයෙක් ගෙනි. ගැහැණු ළමයෙක් වුවද පිරිමින් ළමයෙක් ලෙස ඇය හැඳපැළඳ ගෙන ජීවත් වෙයි. ඇගේ නම හොං යී ලෙස හඳුනන්වා දෙයි. ඇය දවසක්  පුරුෂයන් සටන් ක්‍රීඩාවේ නියැලෙන ආකාරය දෙස  ඈත ගහකට නැගී බලාසිටී.පසුව ඇය එම ස්ථානයට ගොස් අවසරයකින් තොරව සටන් කිරීමට පටන් ගනී. ඒ අවස්ථාවේදී ඇයව එතනින් ඉවත දැමීම සඳහා පිරිසක් පැමිණෙන අතර ඔවුන්ද පරාජය කරමින් හොං යී සටන් කරයි.මේ දෙස
බලා සිටි යූ බෙක් ජෙනරාල්වරයා ඇයට සටන් කිරීමට ඉඩ ලබා දෙයි. හොං යී මෙම සටන අවසන් නොකර පලා යයි. නමුත් හොං යී ගේ මෙම සටන් කලාව තමාට හුරුපුරුදු නිසාම යූ බෙක් ජෙනරාල්තුමා ඇය පසුපස හඹා එයි. පසුව ඇය සමඟ සටන් කොට ඇයගේ ගුරුවරයා කවුද යන්න විමසයි. නමුත් ඇය ඊට පිළිතුරු නොදී එතැනින් ඉවත්ව යයි.රෑ බෝ වී හොං යී ඇයව හදාවඩා ගන්නා මවගේ  නිවසට පැමිණෙයි. මේ අවස්ථාවේදී හොංයීගේ මව පවසන්නේ තමන් ඇයව මෙලෙස පුහුණු කරේ පියාගේ ඝාතකයින් සොයාගොස් මරණයට පත්කරන්නට බව පවසයි. පසුව ඇය අතීත කතාවක් මෙසේ හොං යී ට පවසයි.
මීට වසර කිහිපයකට පෙර පුං චුන් ,සුල් රං සහ දුක් ගී යනු හොඳම මිතුරන් වූ අතර ඔවුන් තිදෙනා මහා අසිපත් තුනේ හිමිකරුවන් ද වුණි. ඔවුන් තිදෙනා පුහුණු වන්නේ එකම ගුරුවරයෙක් යටතේය. මෙහිදී පුං චුන්ගේ අසිපත නිවැරදි ඉලක්කය වෙනුවෙනුත්, සුල් රංගේ අසිපත අසාධාරණය වෙනුවෙනුත්,දුක්ගීගේ අසිපත අනෙක් අසිපත් දෙක ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූහ. මෙහි සුල් රං සහ දුක් ගී එකිනෙකාට ආදරය කරන්නට විය. කෙසේ නමුත් දැවැන්ත සටනක ආරම්භ වී එය අවසානයේදී දුක් ගී සියල්ලන්වම පාවාදෙයි.මෙහිදී බොහෝ පිරිසක් ඝාතනයට ලක්වෙයි. මෙය දරා ගැනීමට නොහැකි වූ පුං චුන්ග් විසින් දුක් ගී ව ඝාතනය කිරීමට යන මොහොතේ සූල් රං පුං චුන් ව ඝාතනය කරනු ලබයි. ඉන්පසු දුක් ගී ගේ පක්ෂපාතීතවය පෙන්වීම සඳහා එම ස්ථානයට සිරකරුවන් ලෙස රැගෙනවිත් සිටි පුං චුන්ගේ බිරිඳ සහ දරුවා වන හොං යී ඝාතනය කිරීමට අණදෙයි.මෙහි දී දුක් ගී , පුන් චුන්ගේ බිරිඳ ඝාතනය කළ අතර දරුවා ද ට ද අසිපත් පහරක් එල්ල කරයි. නමුත් එම

අවස්ථාවේදී කුඩා දරුවා මරණයට පත්නොවූ බව ඇය පවසයි. මෙහිදී තමා උදෑසන හමුවූ ඒ යූ බෙක් නමැති ජෙනරාල්වරයා දුක් ගී බවත් තමාගේ පියාගේ ඝාතකයෙකු වන බවත් අනෙක් ඝාතකයා වන සුල් රං තමා බවත් ඇය පවසයි. නියමිත අවස්ථාව පැමිණි විට තමාව ඝාතනය කරන ලෙසත් නැතිනම් තමා විසින් හොං යී ව ඝාතනය කරන බවත් ඇය හොං යී ට පවසයි. කෙසේ නමුත්  මේ කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ හොං යී හඩමින් නිවස හැරදමා යයි.සුල් රංගේ දෑස් මේ වන විටත් අන්ධ වී පවතී.
මෙසේ නිවසින් ගොස් ඉබාගතේ යන හොං යී සුරා හලකට යයි. එහිදී ඇයට තරුණයෙක් හමුවන අතර ඔහු සමඟ හා මිතුරු සම්බන්ධතාවයක් පටන් ගනී (පසුව ඔවුන් දෙදෙනා ආදරය කරනු ලබයි). ඔහු ජෙනරාල්වරයාගේ ළඟම ආරක්ෂකයාද වෙයි. මෙසේ කාලය ගෙවී ගොස් හොං යී ජෙනරාල්වරයාව ඝාතනය කිරීමට පැමිණෙන අතර ඇයට එය කිරීමට නොහැකි වේ. මන්ද යත් ජෙනරාල්වරයා ඇයට අසිපත් පහරක් එල්ල කර ඇයව ගඟට විසි කරනු ලබයි.මේ අවස්ථාවේදී සුල් රං නැවත පැමිණ ඇයව බේරාගෙන තමන්ගේ පුහුණුකරු (තමන්ගේ ගුරුවරයා) වෙත ඇයව රැගෙන යයි. ගුරුවරයා විසින් ඇයව සුවපත් කරන අතර ඉන්පසු ඇයට සටන්කලාව පුහුණු කරයි. ඔහු මහා අසිපත් තුනේ පුහුණුකරු වෙයි. මේ කාලසීමාවේදී ජෙනරාල්වරයා රජකම ලබා ගැනීමට උපක්‍රම යොදමින් පවතින අතර සුල් රං ව සිරකාරියක් ලෙස  තමන්ගේ නිවසට රැගෙන යයි.
 මෙසේ කාලයක් ගත වූ පසුව දක්ශ සටන්කරුවෙක් බවට හොං යී පත්වෙයි. දවසක් ගුරුවරයා විසින් ඇයව සොහොනක් වෙත රැගෙන යනු ලබයි.මෙහිදී ගුරුවරයා අතීත කතාවේ ඉතුරු කොටස හොං යී ට පවසයි. එදා පාවාදීමෙන් පසු සුල් රං විසින් දුක් ගී ට තර්ජනය කරනු ලබන්නේ පුං චුන්ගේ දුව හොං යීව ඔහුව ඝාතනය කිරීමට එවන බවයි. නමුත් ඒ වනවිටත් සැබෑ හොං යී  මරණයට පත්වී සිටියි. ඒ වන විටත් දුක් ගී නිසා සුල් රං ගැබ්ගෙන සිටින බවට දුක් ගී දැන සිටියේ නැත. මෙසේ ටික කාලෙකට පසුව සුල්‍ රං දරුවා බිහි කරන අතර ඇයව හොං යී  ලෙස නම් කරනු ලබයි. ඉන්පසුව සුල් රං තමන්ගේ දෑස් අන්ධ කරගනු ලබන්නේ  තමා එදා කරන පාවාදීම වෙනුවෙන් තමාටම කරගන්නා දඩුවමක් ලෙසයි. කෙසේ නමුත් ඇය තමාගේ දරුවාගේ පිටේ ද අසිපත් පහරක් එල්ලකර සලකුණක් ද සාදයි.  මේ කතාව ඇසීමෙන් පසුව තමා සැබැ හොං යී නොවන බව ඇය දැනගනී.ඇය තවත් හඩා වැටෙයි. නමුත් ඇය තමන්ගේ මවගේ පොරොන්දුව ඉෂ්ට කිරීමට තීරණය කරනු ලබන අතරම හොං යි ලෙසම ජිවත් වීමට තීරණය කරනු ලබයි.
මේ වනවිටත් ජෙනරාල්වරයා(දුක් ගී) රාජ්‍යයේ කුමරිය විවාහ කරගැනීමට සූදානම් වෙයි. එනම් රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම සඳහායි. අවසාන මොහොතේ ජෙනරාල්වරයා හොං යී තමන්ගේ දියණිය බව දැන ගනු ලබයි.නමුත් ඒ වන විට ඔහුව ඝාතනය කිරීමට හොං යී පැමිණ සිටියි.ඉන්පසුව ජෙනරාලවරයා(දුක් ගී) සහ  හොං යී අතර සටනක් ඇති වෙයි. මේ අවස්ථාවේදී සුල් රං එතැනට පැමිණෙයි. මේ අවස්ථාවේදී සුල් රං , දුක් ගීව නැතිනම් ජෙනරාල්වරයාව වැළඳ ගනී.එත් සමඟම හොං යී ඔවුන් දෙදෙනා පසාරු කරගෙන යාමට අසිපත් පහරක් එල්ල කරයි.මේ මොහොතේ සුල් රං සහ දුක් ගී මරණයටට පත්වෙයි. හොං යී දැඩි ලෙස හඬා වැලපෙයි. මෙතනින් මෙම චිත්‍රපටය අවසන් වෙයි.තමන්ගේ සැබෑ පියා සහ මව කළ පාවාදීම වෙනුවෙන් ඇය සාධාරණය ඉෂ්ට කරයි.එය සුල් රංගේ ද එකම පැතුම ද විය. මන්දයත් එදා විශාල පිරිසක් ඔවුන් දෙදෙනාගේ ක්‍රියාව නිසා නිකරුනේ මරණයට පත්වූ නිසාවෙනි.
 
 
-අවිශ්කා අලුත්වත්ත-


  Memories of the Sword

Today I hope to bring you the South Korean movie "memories of the sword" released in 2014. It is directed by Park Heun Sik. Lee Dae Hee , Kim Hyun Chul, Kim Joo Kyung and  Jung Geum Ja can be mentioned as producers.. So without further ado, let's get to the movie.
The story begins with a girl who is training in martial arts. Even though she is a girl, she lives with a male child. Her name is known as Hong Yi. One day she watches the men engage in martial arts from a distant tree and then goes to the place and starts fighting without permission. At that time, a group of people come to throw her out and Hong Yi fights, defeating them too. General Yoo Baek, who was waiting for this, allows her to fight. Hong Yi runs away without finishing this battle. But because he is familiar with this martial art of Hong Yi, General Yoo Baek chases after her. He then fights her and asks who her teacher is. But she leaves without answering. Late at night, Hong Yi arrives at her adoptive mother's house. At this time, Hongyi's mother says that she trained her like this to find her father's killers and put them to death. Then she tells a past story to Hong Yi.
A few years ago, Pung Chun, Sul Rang and Duk Gee were best friends and the three of them were also the owners of the Three Great Swords. All three of them train under the same teacher. Here, Pung Chun's sword is for the right goal, Sul Rang's sword is for injustice, and Duk Gee's sword is working to protect the other two swords. Here Sul Rang and Duk Gee started to love each other. However, a huge battle started and it ended up betraying everyone. Many people were killed here. Unable to bear this, Pung Chung kills Sul Rang Pung Chun when he is about to kill Duk Gee. Then, to show Dug Gee's loyalty, he orders the killing of Pung Chun's wife and child, Hong Yi, who had been taken as prisoners to the place. Here, Duk Gee kills Pung Chun's wife and stabs the child as well. But she says that the little child did not die at that time. Here, she says that the general A Yoo Baek whom she met in the morning is Dug Gee and one of her father's killers, and the other killer is Sul Rang. She tells Hong Yi to kill her when the time comes or she will kill Hong Yi. However, unable to think of any of this, Hong Yi leaves the house crying. Sul Rang's eyes are still blinded.
After leaving the house, Hong Yi goes to a liquor store. There she meets a young man and begins a friendship with him (they later fall in love). He also becomes the general's closest bodyguard. Time passes and Hong Yi arrives to kill the general and she is unable to do so. Because the general stabs her and throws her into the river. At this point Sul Rang comes back and rescues her and takes her to his trainer (his teacher). The teacher heals her and then trains her in martial arts. He becomes the trainer of the Three Great Swords. During this time, the general is plotting to gain the kingship and takes Sul Rang as a prisoner to his house.

After a while, Hong Yi becomes a skilled fighter. One day, the teacher takes her to a grave, where the teacher tells Hong Yi the rest of the past story. After the betrayal that day, Sul Rang threatens Du Gee to send Pung Chun's daughter Hong Yi to kill him. But by then, the real Hong Yi is already dead. Even then, Duk Gee did not know that Sul Rang was pregnant because of Duk Gee. After some time, Sul Rang gives birth to the child and names her as Hong Yi. Sul Rang then blinds himself as a punishment for his betrayal. However, she makes a mark on her child's back with a sword strike. After hearing this story, she realizes that she is not really Hong Yi. She breaks down even more. But she is determined to fulfill her mother's promise and live as Hong Yi.
Even now, the general (Duk Gee) is getting ready to marry the princess of the state. That is to confirm the state heritage. At the last moment, the general learns that Hong Yi is his daughter, but by then Hong Yi is there to kill him. After that, a fight will take place between the general (Duk Gee) and Hong Yi. At this time Sul Rang arrives there. At this time, Sul Rang embraces the general, not Dug Gee. At the same time, Hong Yi throws a sword blow to separate the two of them. At this moment, Sul Rang and Duk Gee are killed. Hong Yi wept bitterly. This is where the movie ends. She gets justice for the betrayal of her real father and mother, which was Sul Rang's only wish. Because a large number of people died in vain because of their actions.
 
                                                                                      

 -Awishka Aluthwaththa-






Monday 29 May 2023

 

2037 චිත්‍රපටය

අද මම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ 2022 ජූනි 8 වැනිදා එළි දක්වන ලද 2037 චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය දකුණු කොරියානු චිත්‍රපටයක් වන අතර අධ්‍යක්ෂණය කරන ලද්දේ  මෝ හොන්ග් ජින් විසිනි.මෙම චිත්‍රපටය මොටිෆ් පික්චර්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලදී.

වයස අවුරුදු දහ හැවිරිදි ගැහැණු ළමයෙක් තම ගොළු මව සමග සතුටින් ජීවත් වෙයි. ඇගේ නම යුන් යොන්ග් වන අතර ඇගේ පියා මියගොස් ඇති අතර 

ඇගේ මව ඇගළුම් කර්මාන්තයක සේවය කරනු ලබයි. එමෙන්ම ඇය පාසල් යන බවට මවට පැවසුවත් ඇය අර්ධ කාලීන රැකියා සිදු කරමින් තම මවගේ ප්‍රතිකාර සඳහා මුදල් ඇය විසින් උපයනු ලබයි. ඇගේ සිහිනය වනුයේ රාජ්‍ය සේවක පරීක්ෂණයට පෙනී සිටීමයි.

එක් දිනක යුන් යොන්ග් තම අර්ධ කාලීන රැකියා අවසන් කොට නිවසට තනිවම පැමිණෙන අවස්ථාවේ තම මවගේ ඇඟලුම් කර්මාන්ත හිමියා ඇයව බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට පත් කරනු ලබයි. මේ අවස්ථාවේ ඇති වූ දැඩි කම්පනය සමඟ ඔහුගේ හිසට දැඩි ලෙස පහරදී එම ස්ථානයේ දී ම එම පුද්ගලයාව යුන් යොන්ග් විසින් ඝාතනය කරනු ලබයි. මේ සමග ඇයට වසර 5ක සිර දඬුවම් හිමිවෙයි. මන්ද යත් තම ආත්මාරක්ෂාව සඳහා සිදුකළ දෙයක් බවට පැවසීමට ඇයට සාක්ෂි නොමැති වීම නිසයි. ඇගේ මව මේ අවස්ථාවේ දැඩි කම්පනයට පත්වෙයි. කෙසේ නමුත් යුන් යොන්ග්ගේ මව ඇයව බැලීමට නිතර පැමිණෙයි. යුන් යොන්ග් මාස කිහිපයකට පසු අසනීප වෙයි. මෙහි දී ඇය ගැබ්ගෙන ඇති බව දැනගනී. ඇය මේ අවස්ථාවේ තමන්ගේ ජීවිතය නැතිකර ගැනීමට  උත්සාහ කරයි. නමුත් පසුව ඇය සිටින සිරමැදිරියේ ඇගේ මිතුරන් විසින් ඇයව සනසනු ලබයි.පසුව ඇය තම දරුවා හදා ගැනීමට තීරණය කරන අතර තම මවගේ හමුවීම් ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.මීළඟ නඩුවාරයේ දී ඇය තමන්ගේ වරද පිළිගන්නා අතර මෙහිදී ඇගේ දඩඬුවම් වසරකට සීමා වෙයි. මෙලෙස දින කෙමෙන් කෙමෙන් ගෙවී යනු ලබයි. තම දරුවා බිහි කරන දවස උදාවෙයි. නමුත් දරුවා  බිහි කිරීමේ දී  ඇය දැඩි අපහසුතාවයට පත් වෙයි. ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව ඇය තම දරුවා බිහි කරනු ලබයි.

වසර කිහිපයක් ගෙවී ගොස් වර්තමාන දර්ශනයක් වෙත යොමු වේ. මේ අවස්ථාවේ දී යුන් යොන්ගේ දරුවා වෙනත් පවුලක් විසින් හදා වඩා ගනු ලබයි. එමෙන්ම යුන් යොන්ග් රාජ්‍ය සේවක පරීක්ෂණයට මුහුණ දෙයි.නැවත ඇය තම මව සමඟ ජිවත් වෙයි.මෙතැනින් මෙම චිත්‍රපටය අවසන් වේ.

මෙම චිත්‍රපටයෙන් අපිට ගත හැකි දේ බොහෝ ය. එනම් යුන් යොන්ග්ට ඉතාමත් අඩු වයසක දී දරාගැනීමට නොහැකි  දේවල් ඇය විසින් දරා ගනු ලබයි. එමෙන්ම ඇයට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවුණි.  අදටත් එවැනි අසහනකාරී පුද්ගලයන් අප සමාජය තුළ දක්නට ලැබෙයි.නමුත් එවැනි පුද්ගලයන් වෙනුවෙන් නිසි ලෙස නීතිය යන්න වන්නේද නැද්ද යන්න ගැටලුවකි. කොතරම් අභියෝග ‍රැසකට මුහුණ දුන්නද  ඇය තමන්ගේ සිහින මරා දමන්නේ නැත. ඇය ඒ වෙනුවෙන් තව තවත් මහන්සි වී තමන්ගේ සිහින සැබෑ කරගන්නට උත්සාහ කරයි. මෙහි එන යුන් යොන්ගේ චරිතය තුළින් අපට ගතහැකි දෑ බෝහෝ වන්නේ ඒ නිසාම ය.

                                                                                                        

                                                                                                        -අවිශ්කා අලුත්වත්ත-


2037 Movie

Today I want to talk about the movie 2037 which released on 8th June 2022. This movie is a South Korean movie directed by Mo Hong Jin and produced by Motif Pictures. A nineteen years old girl lives happily
with her mute mother. Her name is Yoon Young, her father is dead and her mother works in a garment industry. And although she told her mother that she was going to school, she was doing part-time jobs to earn money for her mother's treatment. Her dream is to appear in civil service examination.

One day, Yoon Young returns home alone from her part-time job when her mother's garment factory owner forcibly sexually abuses her. At this time Yoon Young kills the man on the spot by hitting him hard on the head with the severe shock. With this, she will be sentenced to 5 years in prison. Because she has no evidence to say that it was done in self-defense.


Her mother is shocked at this point. However, Yoon Young's mother visits her often. Yoon Young falls ill after a few months. Here she learns that she is pregnant. She is trying to kill herself at this point. But later her pain is comforted by her friends in the cell she is in. Later she decides to adopt her child and she refuses to visit her mother. In the next case she admits her guilt and her punishment is limited to one year. The days pass by slowly. The day of giving birth to your child will come. But she is very uncomfortable in giving birth to the child. After a life and death battle, she gives birth to her child. Flash forward to a present day scene that has passed a few years. In this case, Yoon Young's child is adopted by another family. And Yoon Young faces the civil service examination. Again she lives with her mother. This is where the movie ends.

We can take a lot from this movie. That is, she can bear things that Yoon Young cannot bear at a very young age. And the law was not implemented properly for the injustice that happened to her. Even today, such uncomfortable people are seen in our society, but it is a problem whether the law is properly applied for such people or not. No matter how many challenges she faces, she does not kill her dreams. She works harder for it and tries to make her dreams come true. That is why there are so many examples that we can take from Yoon Young's character here.

 

                                                                                      - Awishka Aluthwaththa-

 

   
                                   
                                                                       

 


  The Danish Girl "The Danish Girl" is a biographical drama film directed by Tom Hooper, released in 2015. The film is based on ...