Translate

Monday 29 May 2023

 

2037 චිත්‍රපටය

අද මම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ 2022 ජූනි 8 වැනිදා එළි දක්වන ලද 2037 චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය දකුණු කොරියානු චිත්‍රපටයක් වන අතර අධ්‍යක්ෂණය කරන ලද්දේ  මෝ හොන්ග් ජින් විසිනි.මෙම චිත්‍රපටය මොටිෆ් පික්චර්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලදී.

වයස අවුරුදු දහ හැවිරිදි ගැහැණු ළමයෙක් තම ගොළු මව සමග සතුටින් ජීවත් වෙයි. ඇගේ නම යුන් යොන්ග් වන අතර ඇගේ පියා මියගොස් ඇති අතර 

ඇගේ මව ඇගළුම් කර්මාන්තයක සේවය කරනු ලබයි. එමෙන්ම ඇය පාසල් යන බවට මවට පැවසුවත් ඇය අර්ධ කාලීන රැකියා සිදු කරමින් තම මවගේ ප්‍රතිකාර සඳහා මුදල් ඇය විසින් උපයනු ලබයි. ඇගේ සිහිනය වනුයේ රාජ්‍ය සේවක පරීක්ෂණයට පෙනී සිටීමයි.

එක් දිනක යුන් යොන්ග් තම අර්ධ කාලීන රැකියා අවසන් කොට නිවසට තනිවම පැමිණෙන අවස්ථාවේ තම මවගේ ඇඟලුම් කර්මාන්ත හිමියා ඇයව බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට පත් කරනු ලබයි. මේ අවස්ථාවේ ඇති වූ දැඩි කම්පනය සමඟ ඔහුගේ හිසට දැඩි ලෙස පහරදී එම ස්ථානයේ දී ම එම පුද්ගලයාව යුන් යොන්ග් විසින් ඝාතනය කරනු ලබයි. මේ සමග ඇයට වසර 5ක සිර දඬුවම් හිමිවෙයි. මන්ද යත් තම ආත්මාරක්ෂාව සඳහා සිදුකළ දෙයක් බවට පැවසීමට ඇයට සාක්ෂි නොමැති වීම නිසයි. ඇගේ මව මේ අවස්ථාවේ දැඩි කම්පනයට පත්වෙයි. කෙසේ නමුත් යුන් යොන්ග්ගේ මව ඇයව බැලීමට නිතර පැමිණෙයි. යුන් යොන්ග් මාස කිහිපයකට පසු අසනීප වෙයි. මෙහි දී ඇය ගැබ්ගෙන ඇති බව දැනගනී. ඇය මේ අවස්ථාවේ තමන්ගේ ජීවිතය නැතිකර ගැනීමට  උත්සාහ කරයි. නමුත් පසුව ඇය සිටින සිරමැදිරියේ ඇගේ මිතුරන් විසින් ඇයව සනසනු ලබයි.පසුව ඇය තම දරුවා හදා ගැනීමට තීරණය කරන අතර තම මවගේ හමුවීම් ඇය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.මීළඟ නඩුවාරයේ දී ඇය තමන්ගේ වරද පිළිගන්නා අතර මෙහිදී ඇගේ දඩඬුවම් වසරකට සීමා වෙයි. මෙලෙස දින කෙමෙන් කෙමෙන් ගෙවී යනු ලබයි. තම දරුවා බිහි කරන දවස උදාවෙයි. නමුත් දරුවා  බිහි කිරීමේ දී  ඇය දැඩි අපහසුතාවයට පත් වෙයි. ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව ඇය තම දරුවා බිහි කරනු ලබයි.

වසර කිහිපයක් ගෙවී ගොස් වර්තමාන දර්ශනයක් වෙත යොමු වේ. මේ අවස්ථාවේ දී යුන් යොන්ගේ දරුවා වෙනත් පවුලක් විසින් හදා වඩා ගනු ලබයි. එමෙන්ම යුන් යොන්ග් රාජ්‍ය සේවක පරීක්ෂණයට මුහුණ දෙයි.නැවත ඇය තම මව සමඟ ජිවත් වෙයි.මෙතැනින් මෙම චිත්‍රපටය අවසන් වේ.

මෙම චිත්‍රපටයෙන් අපිට ගත හැකි දේ බොහෝ ය. එනම් යුන් යොන්ග්ට ඉතාමත් අඩු වයසක දී දරාගැනීමට නොහැකි  දේවල් ඇය විසින් දරා ගනු ලබයි. එමෙන්ම ඇයට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවුණි.  අදටත් එවැනි අසහනකාරී පුද්ගලයන් අප සමාජය තුළ දක්නට ලැබෙයි.නමුත් එවැනි පුද්ගලයන් වෙනුවෙන් නිසි ලෙස නීතිය යන්න වන්නේද නැද්ද යන්න ගැටලුවකි. කොතරම් අභියෝග ‍රැසකට මුහුණ දුන්නද  ඇය තමන්ගේ සිහින මරා දමන්නේ නැත. ඇය ඒ වෙනුවෙන් තව තවත් මහන්සි වී තමන්ගේ සිහින සැබෑ කරගන්නට උත්සාහ කරයි. මෙහි එන යුන් යොන්ගේ චරිතය තුළින් අපට ගතහැකි දෑ බෝහෝ වන්නේ ඒ නිසාම ය.

                                                                                                        

                                                                                                        -අවිශ්කා අලුත්වත්ත-


2037 Movie

Today I want to talk about the movie 2037 which released on 8th June 2022. This movie is a South Korean movie directed by Mo Hong Jin and produced by Motif Pictures. A nineteen years old girl lives happily
with her mute mother. Her name is Yoon Young, her father is dead and her mother works in a garment industry. And although she told her mother that she was going to school, she was doing part-time jobs to earn money for her mother's treatment. Her dream is to appear in civil service examination.

One day, Yoon Young returns home alone from her part-time job when her mother's garment factory owner forcibly sexually abuses her. At this time Yoon Young kills the man on the spot by hitting him hard on the head with the severe shock. With this, she will be sentenced to 5 years in prison. Because she has no evidence to say that it was done in self-defense.


Her mother is shocked at this point. However, Yoon Young's mother visits her often. Yoon Young falls ill after a few months. Here she learns that she is pregnant. She is trying to kill herself at this point. But later her pain is comforted by her friends in the cell she is in. Later she decides to adopt her child and she refuses to visit her mother. In the next case she admits her guilt and her punishment is limited to one year. The days pass by slowly. The day of giving birth to your child will come. But she is very uncomfortable in giving birth to the child. After a life and death battle, she gives birth to her child. Flash forward to a present day scene that has passed a few years. In this case, Yoon Young's child is adopted by another family. And Yoon Young faces the civil service examination. Again she lives with her mother. This is where the movie ends.

We can take a lot from this movie. That is, she can bear things that Yoon Young cannot bear at a very young age. And the law was not implemented properly for the injustice that happened to her. Even today, such uncomfortable people are seen in our society, but it is a problem whether the law is properly applied for such people or not. No matter how many challenges she faces, she does not kill her dreams. She works harder for it and tries to make her dreams come true. That is why there are so many examples that we can take from Yoon Young's character here.

 

                                                                                      - Awishka Aluthwaththa-

 

   
                                   
                                                                       

 


13 comments:

  The Happening "The Happening" is a science fiction thriller directed by M. Night Shyamalan, known for his signature twist endi...