Translate

Tuesday 25 July 2023

 

My Wife is a Gangter


මම අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ 2006 තිරගත වූ My wife is a Gangster  චිත්‍රපටයයි. මෙය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Jin Gyu cho විසිනි. එසේ නම් වැඩි කථාබහක් නැතිව අපි යමු කථාව පැත්තට.

මේ කථාව ආරම්භ වන්නේ හොංකොංවල සිටින ප්‍රබල පාතාල කල්ලියක්වන කළුමකර කල්ලියේ නායකයාගේ දුව වන Argyun පැමිණ තම පියාගේ පාතාල රැස්වීමක කඩු නර්ථනයක් ඉදිරිපත් කිරිමකිනි. මෙතැනදී ඇයගේ එම නර්තනයට කළුමකර කල්ලි නායකයාට අපහාස කිරීමේ අරමුණින් අනෙක් පාතාල නායකයින් Argyun ට සිනාසෙයි. මෙම අවස්තාවේ දී වෙනත් පාතාල නායකයෙක් විසින් හිතාමතාම වීදුරුවක් කුඩුකර Argyun ගේ පැත්තට විසි කරයි. මේ අවස්ථාවේ දී Argyun ගේ දෙපාවලට තුවාල සිදු වුවත් ඇය නර්තනයේ එක දිගට යෙදෙයි. මන්දයත් තම පියාට වන අපහාසයක් වලළක්වා ගැනීම නිසයි. එක දිගට සිදුවන මෙම අපහාසයන්  නිසා Argyun වීදුරු කුඩු දැමූ පුද්ගලයාගේ අතට කඩුවෙන් පහර දෙයි. මේ අවස්ථාවේදී අනෙක් පාතාල නායකයන් Argyun ට විරුද්ධව නැගී සිටින  අතර Argyun ගේ පියා මැදිහත් වී එම තත්ත්වය පාලනය කරයි. නමුත් ප සුවදා දැඩි කෝපයෙන් සිටි Argyun එම පාතාල  නායකයා සොයා ගොස් ඔහුව ඝාතනය කරයි. ඉන්පසු එම ඝාතකයා සොයා අනෙක් පාතාල නායකයින්  පැමිණෙයි.මේ නිසාම Argyun ගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න නැගෙන අතර Argyun ගේ පියා තම කොරියාවෙ මිතරයෙකු වූ බිග් බොස්ට Argyun ව භාර දෙන්නේ ඇයව ආරක්ෂා කරන ලෙස ඉල්ලමිනි. ඉන්පසු Argyun කොරියාවට යන අතර ඇගේ ආරක්ෂාවට බිග් බොස්ගේ පහළ සේවකයෙක්  වූ හන් කී චූල් ඇතුළු කණ්ඩායමට භාර දෙයි.මොකද හන් චුල් චින භාෂාව දන්නා බව මින් පෙර පැවසූ නිසාවෙනි. නමුත් ඔහු ඇත්තටම චීන භාෂාව නොදනී.

කොරියවට පැමිණෙන Argyun ගැනීමට හන් චූල් ඇතුළු කණ්ඩායම ගුවන්තොටුපළ වෙත යයි.ඇයව රැගෙන නිවස වෙත යන මොවුන් තිදෙනා Argyun ඉදිරියේ මවා පාන්නේ සිටින දක්ෂතම සටන් කරුවන් ලෙසටයි.මොකද මොවුන් Argyun ද දක්ෂ සටන්කරුවෙක් ලෙස නොදනී. මේ අතර භාෂා පරිවර්තක කෙනෙක් ලෙස තරුණියක් පැමිණෙන අතර ඇය ඉතා ඉක්මනින් බිය වන තරුණියකි.මෙහි දී Argyun මැරයන් තිදනාට දරුණු ලෙස කියා සිටි දෑ භාෂා පරිවර්තක කෙල්ල ඉතා සියුම්ව කියා සිටියි.මෙසේ දවස් ගෙවී යන අතර දවසක් කොරියාවේ සිටි මැරකල්ලියක් විසින් Argyun ඇතුළු කණ්ඩායමට පහර දෙන අතර මේ වෙලාවෙදී හන් චූල් Argyun බේරා ගන්නා නිසා බිග් බිස් ඔහුගේ තනතුර උසස් කරයි.

මේ අතර Argyun තමාව දමා ගිය මවගේ පින්තූරයක් හන් චූල් වෙත ලබා දී ඇයව සොයාගන්නා ලෙස පවසයි.Argyun තම මව අවසානයේ දුටුවේ කොරියාවේ දී ය. නමුත් පෙර සඳහන් කළ කොරියාවේ සිටි මැරයන් හන් චූල් ගේ සඟ‍යන් දෙදෙනෙකු රැගෙන ගොස් පහර දෙයි.මෙතැනට යන Argyun සහ හන් චූල් මෙය දකියි. හන් චූල් එම අවස්තාවේ දී Argyun ව ආරක්ෂා කිරීමට සටන් කරන අතරම ඔහුට එය කිරීමට නොහැකි වන්නෙ එතැන සිටින පිරිස වැඩිකම නිසායි. මේ දෙස බලාසිටි Argyun හන් චූල්ගේ උත්සහය අගයයි. ඉන්පසු Argyun එම මැරයන් සියල්ලටම පහරදෙන අතර මෙය දුටු හන් චුල් ඇතුළු ඔහුගේ මිතුරන් දෙදෙනා පුදුම වෙයි.ඉන්පසු ඔවුන් එතැනින් බේරී යයි.මේ අතර චීනයේ සිට Argyun මැරීමට කුලි මිනීවරුවන් කොරියාවට එවයි.මේ කාලයේ Argyun ගේ පියාගේ ද ආරක්ෂාවට ද තර්ජන ඉදිරිපත් වෙයි.කොහොම වුණත් Argyun සහ හන් චූල් ඉන්පසු මිතුරන් වන අතරම හන් චූල් Argyunට ආදරය කරනු ලබයි. මේ අතර Argyunගේ පියාට බොම්බයක් තබන අතර ඔහුව රොහල් ගත කරනු ලබයි. මේ අතර Argyun පසුපස මිනිමරුවන් හඹා එන අතර ඔවුන්ව Argyun විසින් ඝාතනය කරනු ලබයි.මේ අතර හන් චූල් Argyun ගේ මව සොයාගනී. Argyun ඉන්පසු මව බැලීමට යන අතර මව වෙනත් විවාහයක් කරගෙන සිටින බව ඇය දකී.Argyun ගේ මවට තවත් දියණියක් ඉන්න අතර ඇගේ නම ද Argyun ලෙස තබා ඇති බව දුටු Argyun , තම මවට කතා නොකරම එතැනින් පිටත් වෙයි. ඉන්පසු ඇය නැවත චීනය බලාපිටත් වන අතර හන් චූල් තමන්ගේ හැඟීම් ඇයට කියයි. නමුත් Argyun නැවත චීනයට යන අතර ඇගේ පියා රොහලේ දීම මිය යයි. ඉන්පසු Argyun පියාගේ ඝාතකයින් සොයා ගොස් ඔවුන් සියල්ල මරණයට පත් කරනු ලබයි. නමුත් අව්සානයේ Argyun ට වෙඩි පහරක් එල්ල වන අතර එම අවස්තාවේ දී හන් චූල් පැමිණෙයි. නමුත් හන් චූල් වැදුණු වෙඩි පහරකින් ඔහුව බිමට ඇඳ වැටෙයි. මෙයට කේන්තිගිය Argyun එම පාතාල නායකයා මරණයට පත් කරයි. මේ වන විටත් හන් චූල් බේරී පවති.මේ අතර Argyun, හන් චූල් ට කැමති බව Argyun ගේ පියාගේ ආරක්ෂකයා දැනගනී. මේ අවස්ථාවේ දී ඔහු පවසන්නේ "ඔයාගේ තාත්තා අම්මාව නැති කරගත්තා ඇයට යන්න දුන්න නිසා,ඒ ගැන ඔහු හැමදාම පසුතැවුණා. ඔ‍යත් එහෙම කරන්න ද හිතන් ඉන්නේ. යන්න ඉක්මණට ගිහින් ඔහුව නවත්ත ගන්න" යනුවෙන් කියයි. ඉන්පසු Argyun නැවත කොරියාව බලායාමට යන හන් චූල් සොයාගොස් තම හැඟීම් ඔහුට ප්‍රකාශ කරනු ලබයි. ඉන්පසු ඔවුන් දෙදෙනා  ආදරයෙන් බැඳෙයි. Argyun තම පියාගේ තනතුරට පත් වෙන අතරම ,මොවුන් දෙදෙනා රටේ සිටින බලවත්ම පාතාල ජෝඩුව බවට පත්වෙයි.

-අවිශ්කා අලුත්වත්ත-

                                                     My Wife is a Gangter


What I want to talk about today is the movie my wife is a Gangster which was released in 2006. It was directed by Jin Gyu cho. So without further ado let's get to the story.

The story begins with Argyun, the daughter of the leader of the Kalumakara gang, a powerful underworld gang in Hong Kong, coming and performing a sword dance at her father's underworld meeting. Here, the other underworld leaders laugh at Argyun for insulting the Kalumakara gang leader for her dance. At this point, another underworld leader deliberately breaks a glass and throws it in Argyun's direction. At this point, another underworld leader deliberately breaks a glass and throws it in Argyun's direction. In this case, Argyun's feet are injured, but she continues to dance. Because of preventing an insult to his father. Because of these continuous insults, Argyun stabs the hand of the person who threw the broken glass with his sword. At this point the other underworld leader’s rise up against Argyun and Argyun's father intervenes and controls the situation.But Argyun, who was very angry, went to find that underworld leader and killed him. Then the other underworld leaders come looking for the killer. Because of this, questions arise about Argyun's safety and Argyun's father hands over Argyun to his Korean friend, Big Boss, asking him to protect her. Argyun then goes to Korea and entrusts Big Boss's subordinate Han Ki-chul and the group to protect her because Han-chul said before that he knows Chinese. But he doesn't really know Chinese.

Han Chul and his team go to the airport to pick up Argyun who is coming to Korea. The three people who take her home pretend to be the best fighters in front of Argyun because they don't know Argyun as a good fighter. Meanwhile, a young woman arrives as an interpreter and she is a young woman who is quickly frightened. Here, the interpreter girl tells very delicately what Argyun said to the thugs. Days pass like this and one day Argyun and the group are attacked by a gangster in Korea and at this time Han Chul saves Argyun, so Big Biz raises his position.

Meanwhile, Argyun gives a picture of the mother who left him to Han Chul and tells him to find her. Argyun finally saw his mother in Korea. But the aforementioned thugs from Korea take two of Han Chul's companions and attack them. Argyun and Han Chul see this. While Han Chul fights to protect Argyun, he is unable to do so because of the large number of people there. The effort of Argyun Han Chul, who was looking forward to this, is appreciated. Argyun then attacks all the thugs and his two friends including Han Chul are surprised. Then they escape from there. Meanwhile, assassins are sent from China to Korea to kill Argyun. At this time, Argyun's father and security are threatened. Anyway, Argyun and Han Chul become friends and Han Chul falls in love with Argyun. Meanwhile, a bomb is planted on Argyun's father and he is hospitalized. Meanwhile, Argyun is chased by assassins and Argyun kills them. Meanwhile, Han Chul finds Argyun's mother. Argyun then goes to see his mother and she sees that his mother is engaged in another marriage. Seeing that Argyun's mother has another daughter and her name is also named Argyun, Argyun leaves without talking to his mother. She then goes back to China and Han Chul tells her his feelings. But Argyun returns to China and her father dies in hospital. Argyun then hunts down his father's killers and puts them all to death. . But in the middle of the day, Argyun is shot and Han Chul arrives. But a shot from Han Chul knocks him to the ground. Angered by this, Argyun kills the underworld leader. Han Chul is still alive.

Meanwhile, Argyun's father's bodyguard learns that Argyun likes Han Chul. At this point, he says, "Your father lost his mother because he let her go, and he always regretted it. You are thinking of doing the same. Go quickly and stop him." Then Argyun finds Han Chul who is going back to Korea and expresses his feelings to him. Then they both fall in love. As Argyun succeeds his father, the two become the most powerful underworld couple in the country.

-Awishka Aluthwaththa-

 



 

 

 

 

 

 




 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Wednesday 12 July 2023

 

බුට්ටා බුම්මා

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ චන්ද්‍රසේකර් රාමේශ් විසිනි.අපි යමු කථාව පැත්තට,

සත්‍යා සාමාන්‍ය පවුලක ලස්සන ගැහැණු ළමයෙක්,ඇයට එම ගමේ සල්ලිකාර පවුලක පිරිමි ළමයෙක් ආදරය කරනු ලැබුවත් සත්‍යා එය ගණන් නොගනි.නමුත් එම පිරිමි ළමයාගේ මව සත්‍යාගේ පවුලට අකමැත්තක් දක්වයි.සත්‍යාගේ මව ඇඳුම් මසන කෙනක් ලෙස කටයුතු කරයි.සත්‍යාගේ පියා මා මුලින් පැවසූ සල්ලිකාර පිරිමි ළමයා යටතේ වැඩකරන සේවකයෙකි.

දවසක් සත්‍යා දුරකථන අංකය වරදා වෙනත් පුද්ගලයෙකුට දුරකථන ඇමතුම ලබා ගනී.සත්‍යා ඉන්පසු එය වැරදීමකින් සිදුවුණ දෙයක් ලෙස පවසමින් එම කෝල් එක කට් කරයි.නමුත් එම පිරිමි ළමයා සත්‍යාට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබා ගනී.ඔහු නමින් මුරලි ය.සත්‍යා මුල් කාලයේ ඔහුට අකමැති වුවත් පසුව ඔහුට කැමැත්තක් දක්වයි.ඉන්පසු දෙදෙනා  ආදරය කරනු ලබයි.මුරලි ත්‍රී රෝද රථ රියදුරෙක්වන අතර ඔහු මිනිසුන්ට උදව් කරමින් සිටින පුද්ගලයෙක් වෙයි.සත්‍යා ළඟ ඇත්තේ සමාන්‍ය දුරකතනයකි.එම නිසා ඇය මුරලිගේ පෙනුම කෙබඳු දැයි හෝ නොදනි.දවසක් සත්‍යාව බැලීමට මුරලි පැමිණෙන බව පැවසුවත් ඔහු නොපැමිණෙයි.මේ අතර සත්‍යාට අර සල්ලිකාර පවුලින් මංගල යෝජනාවක් පැමිණෙයි.ඉන්පසු සත්‍යා මුරලි බැලීමට නගරයට යන්නට සැරසෙයි.සත්‍යාගේ මව,පියා සහ නංගි ගමනක් ගිය අතරතුර සත්‍යා මුරලි බැලීමට යයි.සත්‍යා මුරලිට පවසන්නේ ඇය බහින තැනම ඉන්න කියායි.මොකද සත්‍යා මින් පෙර මෙහි කිසිම දවසක ඇය තනිවම ඇවිත් නැති නිසාවෙනි.මේ අතර සත්‍යා කියා සිටින්නේ තමාව මුහුද බැලීමට ද රැගෙන යන ලෙසයි.මෙලෙස බලාපොරොත්තු රැසක් සමඟින් සත්‍යා නගරයට පැමිණිය ද මුරලි තවමත් නොසිටි.මෙලෙස සත්‍යා බයෙන් ඉන්න බව දුටු පිරිමින් දෙදෙනෙක් සත්‍යා පසුපස එයි.සත්‍යා මුරලිට දුරකථන ඇමතුම් ගත්ත ද ඔහු එය නොගනි.සත්‍යා බිය වූ විගස ඇය කාන්තා වැසිකිළියකට ගොස් සැඟවෙයි.

මේ  අතර නගරයේ ආර්.කේ නමින් කොල්ලෙක් සිටියි.ඔහු හොඳට ඉගනගෙන තිබුණ ද ඔහුට රැකියාවක් තවමත් නැත.ඔහු සැරපරුෂ පුද්ගලයෙක් වන අතර ඔහුට සෑමතැනම මැරයන් සිටින පුද්ගලයෙකි.පොලිසිය ද ඔහුට මුකුත් නොකියයි.

මේ අතරතුර සත්‍යාව දැකීමට මුරලි පැමිණෙන අතර බස් නැවතුම්පළේ ඇතිවූ රණ්ඩුවකින් මුරලිගේ දුරකථනය විසි වී යන අතර එම දුරකතනය එතැන සිටිය පුද්ගලයෙක් හොරෙන් රැගෙන යනු ලබයි. ආර්.කේ මේ සියල්ල දෙස බලා සිටියි.ඔහු එම පුද්ගලයා පසුපස ගොස් දුරකථනය ලබා ගනී.මේ සමඟම සත්‍යාගෙන් ඇමතුමක් ලැබෙයි.එය ආන්ස්වර් කරන ආර්.කේ මුකුත් නොකියාම අහන් ඉදී. එම දුරකතනය වෙනත් කාන්තාවකගෙන් ද ඇමතුමක් ලැබෙන අතර ආර්.කේ එය ද ආන්ස්වර් කර මුකුත් නොකියයි.මේ සමඟම සත්‍යාට කාන්තා වැසිකිලියෙන් එමට සිදුවේ.මුරලිට ඇමතුම ලබා ගන්නා සත්‍යා පවසන්නේ "තමන් කාන්තා වැසිකිලියේ සිටින බවත් දැන් එළියට එන බවත් ඉක්මනට එන ලෙසත් ය".සත්‍යා එළියට එන අතරම නැවත අර පිරිමි දෙදෙනා ඇය පසුපස පැමිණෙන අතරම ආර්.කේ ඇයගේ අත අල්ලා සත්‍යාට කථා කරන අතර සත්‍යා ආර්.කේ ව, මුරලි ලෙස සිතයි.මොක ද මුරලිගේ දුරකථනය ආර්.කේ අතෙහි තිබුණ නිසාවෙනි.

මේ ස්ථානයට මුරලි පැමිණෙන අතර ආර්.කේ විසින් මුරලිගේ ජංගම දුරකථනය ඔහුට ලබා දෙයි.ඉන්පසු සත්‍යා සැබැ මුරලි කවුද යන්න හඳුනා ගනී.ඉන්පසු මුරලි සමඟ සත්‍යා යයි. නමුත් ආර්.කේ මොවුන් දෙදෙනා පසුපස යයි.මෙය දුටු සත්‍යා මුරලිට එය කියයි.ඉන්පසු මුරලි ආර්.කේ ලඟට යන අතර දෙදෙනා අතර රණ්ඩුවක් ඇතිවෙයි.එම රණ්ඩුව බේරීමට ගිය සත්‍යා මඩ වලකට වැටෙයි. එම ස්ථානයට පොලිසියෙන් පැමිණෙන අතර එය සමතයකට පත් කොට යයි.සත්‍යාට අලුත් ඇඳුමක් මුරලි අරන් දී ඇයව ඔහුගේ කුලි නිවසට රැගෙන යයි. ඉන්පසු සත්‍යාට ඇඳුම් මාරු කරගන්නා ලෙස පවසා මුරලි කෑම රැගෙන ඒමට යයි.මේ අතර මුරලිගේ දුරකතනයට ඇමතුම් ලබාගත් කාන්තාව මුරලි සොයාගෙන එයි.එවිට ආර්.කේ කෑම රැගෙන යන මුරලිව දැක ඔහු පසුපස එයි.මුරලි නිවසට යන විට අර කාන්තාව සත්‍යා සමඟ කතා කර කර සිටින අතර එවිට මුරලි තිගැස්සෙයි.ඒ සමඟම අර කාන්තාවගෙන් පිටවූ වචනයකින් මුරලි තමාව විකිණිමට යන බව සත්‍යා  දැනගනි.ඔහු මෙතෙක් කල් තමාට ආදරය කර නොමැති බව ඇයට වැටහෙයි.අර කාන්තතාව ගිය පසු සත්‍යා තමාට ගෙදර යාමට අවශ්‍ය බව සත්‍යා පවසයි. නමුත් මුරලි ඇයට ඉඩනොදෙයි.සත්‍යා පැන යාමට උත්සහා කිරීමේ දී මුරලි ඇයට පහර දෙයි. මේ සමඟම ආර්.කේ මුරලිගේ කුලි නිවසට පැමිණෙන අතර නිවසට ඇතුළු වූ වහාම ආර්.කේ නිවසේ දොර ලොක් කරන අතර ආර්.කේ ගේ මිත්‍රයා එළියේ දොර ළඟ සිට ඔත්තු බලයි.නිවසට ඇතුලුවුණ ආර්.කේ මුරලිට දරුණු ලෙස පහර දෙයි.මුරලි සහ ආර්.කේ මෙලෙස රණ්ඩු කරන අතර සත්‍යා නානකාමරයේ සැඟවී හඩයි.ආර්.කේ මුරලිගෙන් සත්‍යා කොහේ දැයි විමසමින් ඇයව  ඉල්ලාසිටී. නමුත් මුරලි කිසිවක් නොකියයි.සත්‍යා බිය වී කිසිත් කර ගැනීමට නොහැකිව හඬයි.පසුව ආර්.කේ දරුණු ලෙස මුරලිට ගසයි.ඉන්පසු ආර්.කේ නාන කාමරයේ දොර කඩමින් සත්‍යාට තමා සමඟ එන ලෙසත් දැන් සත්‍යා ආරක්ෂිත බවත් කියයි.ටික වේලාවකින් පසු සත්‍යා නැගිට ආර්.කේ සමඟ එම ස්ථානයෙන් යයි.ආර්.කේ එවිට සත්‍යාට විස්තර කියයි.මුරලිගේ දුරකථනය ලබාගත් විට ආ දුරකතන ඇමතුමින් සත්‍යාව විකිණීමට යන බව දැනගත් නිසාවෙන් සත්‍යාව බේරා ගැනීමට ආ බවත් කියයි.ඉන්පසු ආර්.කේ සත්‍යාට කියන්නෙ මොනා හරි අවශ්‍ය නම් කියන්න කියලයි.සත්‍යා එවිට ආර්.කේ ට පවසන්නේ තමාට මුහුද බැලීමට අවශ්‍ය බවයි.ඉන්පසු ආර්.කේ සත්‍යාව රැගෙන මුහුද වෙරළට යයි.පසුව සත්‍යාට ගමට යෑමට අවශ්‍ය බස් රථයට එක්කන් ‍යයි.සත්‍යා ආරක්ශිතව ගමට යයි.

අවසානයේ ආර්.කේ සත්‍යාට කියන්නේ,

"ඔයා එයාව ගොඩක් විස්වාස කළා නේ ද?අපිට ආදරය අමතක කරන්න පුළුවන්.ඒත් අපි ආදරය කරන අයගේ පවාදීම් බැහැ.ඔයා තරුණ වැඩියි.ඔයාට කිසිම අදහසක් නෑ.එත් සැබෑ ලෝකයේ වෙස්මුහුණක් පිටුපස්සේ තියන විදිය මේකයි. හැමදාම දකින  අය විස්වාස කරන්නත් බෑ.ආගන්තුකයන් එක්ක ඒක ගොඩක් දුෂ්කරයි.මිනිස්සුයි ප්‍රශ්නයි ජිවිතයට එනවා යනවා .හරියට මුහුදු රළ වගේ.අපි පැකිළුනොත් රළ අපිව එයලා එක්ක අරගෙන යනවා.ශක්තිමත්ව ඉන්න එතකොට ඒවා ඔයාව ස්පර්ශ කරලා යන්න යනවා"

 

-අවිශ්කා අලුත්වත්ත-

 

Butta bumma


This movie is directed by Chandrasekhar Ramesh. Let’s go to the story side,

Satya is a beautiful girl from an ordinary family, she is loved by a boy from a rich family in the village, but Satya doesn't care. But the boy's mother dislikes Santa’s family. Satya’s mother works as a tailor. Satya's father is under the rich boy I mentioned earlier. A working employee.

One day Satya makes a wrong phone number and calls another person. Satya then hangs up saying it was a mistake. But the boy keeps calling Satya. His name is Murali. Satya doesn't like him at first but later on. Likes him. Then the two fall in love. Murali is a three-wheeler driver and he is a person who helps people. Satya has a similar phone. That's why she doesn't even know what Murali looks like. One day, Murali says he will come to visit Satya, but he doesn't come. Meanwhile, Satya gets a marriage proposal from that rich family. Then Satya plans to go to the city to see Murali. While Satya's mother, father and sister went on a trip to visit Murali Goes. Satya tells Murali to stay where she gets off. Because Satya has never come here alone before. Meanwhile, Satya asks to take her to see the sea. Thus, Satya came to the city with many hopes, but Murali was still not there. Seeing that Satya is scared, two men follow Satya. Satya calls Murali but he does not pick up. Satya is scared. She immediately goes to a women's toilet and hides.

Meanwhile in the city there is a boy named RK. He is well educated but still has no job. He is a tough guy and he has thugs everywhere. The police don’t say anything to him either.

In the meantime, Murali comes to see the truth and in a fight at the bus station, Murali's phone is thrown and the phone is stolen by a person there. RK watches all this. He follows the person and picks up the phone. At the same time, he receives a call from Satya. RK answers it and listens without saying anything. The phone also receives a call from another woman and RK answers it too and does not say anything. At the same time, Satya has to leave the women's washroom. Murali gets the call and says, "She is in the women's washroom and is coming out now, please come soon." As Satya comes out, the two men come after her again, and RK grabs her hand and tells Satya. Satya thinks RK is Murali because Murali's phone was in RK's hand.

Murali arrives at this place and RK gives Murali's mobile phone to him. Then Satya realizes who Murali is. Then Satya goes with Murali. But RK follows these two. Seeing this, Satya tells Murali. Then Murali goes to RK and there is a fight between the two. Satya, who went to escape the fight, falls into a mud hole. Those police come to the place and it settles down. Murali buys a new dress for Satya and takes her to his rented house. Then Satya is asked to change his clothes and Murali goes to bring food. Meanwhile, the woman who called Murali's phone comes to find Murali. Then RK sees Murali carrying food and follows him. When Murali goes home, the woman is talking to Satya and then Murali gets shocked. At the same time, from a word from the woman, Satya knows that Murali is going to sell her. She realizes that he has not loved her so far. After the woman leaves, Satya tells her to go home. Satya says necessary. But Murali does not allow her. As Satya tries to escape, Murali attacks her. Along with this, RK Murali's servant comes to the house and immediately after entering the house, RK locks the door of the house and RK's friend watches from outside the door. RK enters the house and beats Murali severely. Murali and RK They fight like this and Satya hides in the bathroom and screams. RK asks Murali where Satya is and asks for her. But Murali doesn't say anything. Satya gets scared and cries helplessly. Then RK hits Murali badly. Then RK breaks the bathroom door and tells Satya to come with him and now Satya is safe. After some time Satya gets up and RK RK then tells Satya the details. When he gets Murali's phone, he says that he came to save Satya because he knew that Satya was going to be sold. Then RK tells Satya to tell him if he needs anything. Satya then tells RK that he wants to see the sea. Then RK The sea takes the truth to the shore. Later Satya is taken to the bus to go to the village. Satya goes to the village safely.

At the end RK tells to Satya,

"You trusted him a lot, didn't you? We can forget love, but we can't forget the ones we love. You're too young. You have no idea. But this is how it is behind a mask in the real world. You can't trust people you see every day. Even with strangers. It is very difficult. People and problems come and go in life. Just like the waves of the sea. If we stumble, the waves will take us with them. Stay strong and they will touch you and go."

-Awishka Aluthwaththa-




 

 

Saturday 1 July 2023

 

💧💦 ඇක්වමෑන් 💧💦

මෙම චිත්‍රපටය නිකුත් වන්නේ 2018 දෙසැම්බර් 21 වන දිනයි.මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජේම්ස් වොන් විසිනි.මෙම චිත්‍රපටය නිශ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 160-200 අතර මුදලක් වැය විය.එහෙනම් අපි යමු කතාව පැත්තට,

මෙම කතාව ආරම්භ වන්නේ ඉතා අධික සිළි කුනාටු සහිත වැසි දවසකයි. එදින ප්‍රදීපාගාරය අසලට ලස්සන ගෑණුළමයක් ඉතා දරුණු ප්‍රහාර එල්ල සිහිසුන් වී ගොඩගැසී තිබුණි.මෙය දුටු ප්‍රදීපාගාර ආරක්ෂකයා ටොම් ඇයව තමන්ගේ නිවහන වෙත ඔසවාගෙන යයි.ඇයට සිහිය පැමිණි පසු ටොම්ට පහර දීමට තැත් කරත් ඇය නැවත සිහිසුන් වී ඇද වැටෙයි. ටොම් ඇයගේ තුවාලවලට බෙහෙත් දමයි.නැවත සිහිය පැමිණි ඇය, ටොම් සමඟ මිත්‍රවෙයි.ඇය ඇට්ලන්ටිස්වල රැජිණයි. ඇගේ නම ඇට්ලනා යි.ඇට්ලනා තමන්ගේ රාජධානියෙන් පැන එන්නෙ ඇයගේ යොජිත විවාහයට අකමැත්ත නිසායි.කාලය ගෙවීයාමත් සමඟ ඇට්ලනා කුමරිය ටොම් සමඟ ආදරෙන් බැඳෙයි.මෙහි ප්‍රතිඵලයක් විදිහට ආතර් උපදී.නමුත් ඇට්ලානා කුමරිය සොයා ගොඩබිමට ඇට්ලනාගේ රාජධානියෙන් පැමිණෙයි.මේ අවස්ථාවේ දී ඇට්ලනා තම දරුවාත් , සැමියත් බේරා ගැනීම සඳහා නැවත තම රාජධානිය වෙතයයි. දවසක ගොඩබිම සහා මුහුද යන මේ ලෝක දෙකම එකට එකතු කළහැකි එකම ජීවමාන සාක්ෂිය ඔහු බව ඇට්ලනා කියයි. ඇට්ලනා ටොම්ව දමානික්ම යන මොහොතේ ඇය පවසන්නේ නැවත ඉර නැගෙන වේලාවක මෙතනදීම ඔහුව හමුවන බව පවසමිනි.

කාලයත් සමඟ ලොකු මහත්වන ආතර්ට මුහුදේ මාලූන් සමඟ කතා කිරීමට හැකියාවක් ද  ඇත.එමපණක් නොව ආතර් ගැඹුරු මුහුදු මංකොල්ලකාරයන්ගෙන් ද මිනිසුන්ව බේරාගන්නා කෙනෙක් ලෙස ජිවත් වෙයි.ඔහුව මිනිස්සු හදුන්වනේ ඇක්වමෑන් කියලයි.

ආතර්ට වොල්කෝ සියලු සටන් කලාවන් උගන්වනවයි.වොල්කෝ කියන්නේ ඇට්ලනා කුමරිය ළඟම සිටි ආරක්ෂකයෙක්.ඇට්ලනා කුමරිය මේ වනවිටත් ඔර්වැක්ස් රජු විසින් ට්‍රෙන්ච් ජිවීන්ට බිලි දී ඇත.ඔර්වැක්ස් රජු යනු ඇට්ලනාගේ දෙවෙනි විවාහය සිදුවූ රජුයි.මේ විවාහය සිදු කරන්නේ නියම උරුමක්කරුවෙක් එම ලෝකයට අවශ්‍ය වූ නිසායි.ඔවුන් දෙදෙනාට ඔර්මි කුමාරයා උපදින්නේ ඉන්පසුවයි.නමුත් ආතර් ගැන දැනගත් පසු එය රාජවංශයටම ලැජ්ජාවක් ලෙස සිතූ ඔර්වැක්ස් රජු ඇට්ලනාව බිලි දෙයි.

දැන් ඇට්ලන්ටිස්වල රජු වන්නේ ඔර්මි කුමාරයයි.ඔහු අනෙක් රාජධානිද එකට එකතු කොට ගොඩබිමට පහර දීමට සුදානම් වෙයි. මේ අතර ඔර්මිව විවාහ කර ගැනීමට සිටින මේරා කුමරිය ආතර්ව හමුවී මෙය නවත්වන ලෙසත් ඔහුට ඔර්මි පරදා ඇට්ලන්ටිස්වල රජකම ලබාගන්නා ලෙසත් පවසයි.නමුත් ආතර් කියන්නේ තමා රජෙකු නොවන බවත් හදිස්සියේ හරි ,ඔර්මි ගොඩබිමට පහර දුන්නොත් තමා ද පහර දෙන බවයි.එවිට මේරා පවසන්නේ ඇට්ලනා කුමරියගේ පළමු පුතා ආතර් නිසා නියම උරුමය ආතර්ට හිමිබවයි.කෙසේ නමුත් මුහුදු ලෝකයට ආතර්, මේරා සමඟ යයි. මෙහිදී සටනක් ඇතිවෙයි.මේ අවස්ථාවේ ඔර්මි කුමරයා තම පියාගේ ත්‍රීශූලයෙනුත් ආතර් තම මවගේ තිශූලයෙනුත් සටන් කරයි.මෙම සටනින්  ඇට්ලනා කුමරියගේ ත්‍රීශූලය ඔර්මි කඩා දමයි.මෙම අවස්තාවේ මේරා ආතර්ව රැගෙන පලායයි. මෙහිදී  වුල්කෝ ඔවුන් දෙදෙනාට මෙතෙක් බිහිවූ බලවත්ම ත්‍රිශූලය සොයා ගෙන පැමිණෙන ලෙසට පවසයි.ඒ සඳහා ඔහු උදව් කරයි. එය රැගෙනවිත් සටන් කර තම උරුමය ලබාගන්නා ලෙසට ආතර්ට පවසයි.

මෙම ත්‍රිශූලය තිබෙන්නේ ඇට්ලනා කුමරියව බිළිඳුන් ට්‍රෙන්ච් ජිවීන් පසුකර ගොස් තිබෙන පෙදෙසකයි.මේරා සහා ආතර් මෙම ස්ථානයට යන්නේ සෑහෙන අභියෝග රැසකට මුහුණ පාමිණි. මේ අවස්ථාවේ ඔවුන්ට ඇට්ලනා කුමරිය හමුවෙයි. ඇය මෙයට බේරී ආ බව මෙහිදී කියයි. නමුත් මෙයින් එළියට යන්න තියෙන එකම ක්‍රමය ත්‍රිශූලය ලබා ගැනීම බව පවසයි.මේ අතර ඇට්ලනා ටොම් ගැන ආත‍ර්ගෙන් අසයි. මෙහිදි ආතර් කියන්නේ "තාත්තා හැමදාම ඉර නගින වේලාවට අම්මා එනකම් බලාගෙන ඉන්නවා"කියලයි.

ඇට්ලනා කුමරිය කියන්නේ ත්‍රිශූලය ලබාගැනීම පහසු නොවන දෙයක් බවත්, එය දැවැන්ත රාක්ශයෙක් ආරක්ෂා කරන බවත්, එය ලබා ගත හැක්කේ නියම රජෙකුට බවත් ය. ඉන්පසු එම ස්ථානයට ආතර් යයි. ඔහුට රාක්ෂයා පවසන්නේ අර්ධ රජෙකුට එය නොදෙන බවත්, මෙතෙක් එය ලබා ගැනීමට පැමිණි සියලු දෙනා නැවත පණ පිටින් නොගිය බවත් ය.මෙතන මොවුන් දෙදෙනා අතර සටනක් ඇතිවූ අතර ආතර් දරුණු පහරකෑම්වලට ලක්වෙයි.නමුත් මේ වෙලාවේදී ආතර් එම රාක්ශ්‍යා සමඟ කතා කරයි.මෙතෙක් පැමිණි කිසිවෙකුට එය කළ නොහැකි දෙයක් වූ නිසා පසුව ත්‍රිශූලය ලබා ගැනීමට දෙයි. ඉන්පසුව මෙය ලබාගත් පසු ඇට්ලනා, මේරා,ආතර් සහා රාක්ශයා ඇට්ලන්ටිස්වලට යයි. මේ වනවිට ඇට්ලන්ටිස් අනෙක් රාජධානි යටත් කර ගැනීමට සටන් දියත් කර සිටියි. මෙම ස්ථානයට පැමිණි ආතර් ඔර්මි කුමාරයාට පහර දී එම සටන නවත්වයි.  ආතර් නියම රජු ලෙස සියල්ලන්ම පිළිගනී.නමුත් ආතර් ඔර්මි කුමාරයා මරණයට පත් නොකරයි.මේ අවස්ථාවේ ඇට්ලනා දුටු ඔර්මි දුක්වෙයි.ඔර්මි මෙච්චර කාලයක් ආතර්ට වෛරකරනු ලැබුවේ තම මවගේ මරණයට වගකිවයුත්තා  ආතර් යැයි සිතූ නිසායි.වුල්කෝ ඔර්මිව රැගෙන යන ලෙසට ආරක්ෂකයන්ට අණ කරයි.ආතර් මෙතන දී ඔර්මිට කියන්නේ "ඔයා ලෑස්ති උනාම, අපි කතා කරමු" කියලයි.එපමණක් නොවේ ආත‍ර් සහා මේරි ආදරය කරයි. ලෝක දෙක අතර සිදුවීමට ගිය සටන අවසානයේ නවති. ටොම් සුපුරුදු පරිදි ඉර නගින වේලාවට මුහුද ළඟට යයි. ඇට්ලනා එදින එතනට පැමිණ සිටින අතර ඔවුන් දෙදෙනා ආදරෙන් වැළඳගනී.මෙයින් මෙම කතාව අවසන්වෙයි.මෙහිදී ආතර් පවසන්නේ,

"මගේ පියා ප්‍රදීපාගාර මුරකරුවෙක්. මගේ මව රැජිණක්. ඔවුන් දෙදෙනා කවදාවත් මුණ ගැසිය යුතු දෙන්නෙක් නෙමේ,එත් ඔවුන්ගේ ආදරය ලෝකය බේරාගත්තා.එයලා තමයි අද මේ ඉන්න මාව නිර්මාණය කෙරුවේ.ගොඩබිමට පුත්‍රයෙක්.සාගරයට රජෙක්, මමයි ගැඹුරේ ආරක්ෂකයා,මමයි ඇක්වමෑන්"

-අවිශ්කා අලුත්වත්ත-


 💧💦 Aquaman 💧💦


This movie is releasing on 21st December 2018. It is directed by James Vaughan. The production cost of this movie is between 160-200 million dollars. So let's go to the story side,

The story begins on a very stormy rainy day. That day, a beautiful girl was unconscious near the lighthouse due to a severe attack. Tom, the lighthouse keeper, saw this and took her to his home. After she regained consciousness, she tried to attack Tom, but she fell unconscious again. Tom treats her wounds. She regains consciousness and befriends Tom. She is the queen of Atlantis. Her name is Atlana. Atlana escapes from her kingdom because she doesn't like her arranged marriage. As time passes, Princess Atlana falls in love with Tom. As a result, Arthur is born. But Princess Atlana comes to land from Atlana's kingdom. At this time, Atlana returns to her kingdom to save her child and husband. Atlana says that he is the only living proof that one day these worlds of land and sea can be brought together. As Atlanta leaves Tom, she says she'll meet him back here at sunrise.


Over time, Arthur, who grows bigger, has the ability to talk to sea falcons. Not only that, Arthur also lives as a rescuer from deep sea pirates. People call him Aquaman.

Volko teaches Arthur all the martial arts. Volko is a guard who was close to Princess Atlana. Princess Atlana has already been sacrificed by King Orwax to Trench Animals. King Orwax is the king who had Atlana's second marriage. This marriage is done because the world needed a real heir. They Prince Ormi is born to the two. But after learning about Arthur, King Orwax sacrifices Atlana, thinking it would be a shame for the dynasty.

Now the king of Atlantis is Prince Ormi. He gathers the other kingdoms and prepares to attack the land. Meanwhile, Princess Mera, who is about to marry Ormi, meets Arthur and tells him to stop this and defeat Ormi and get the kingship of Atlantis. But Arthur says that he is not a king and suddenly, if Ormi attacks the land, he will also attack. .Then Mera says that because Arthur is the first son of Princess Atlana, Arthur has the rightful inheritance. However, Arthur goes to the sea world with Mera. A battle ensues. Prince Ormi fights with his father's trident and Arthur with his mother's trident. In this fight, Ormi breaks Princess Atlana's trident. At this point, Mera takes Arthur and runs away. Here, Volko tells them to find the most powerful trident ever created. He helps in that. Arthur is told to carry it and fight to claim his inheritance.

This trident is located in the area where Princess Atlana passed through the baby Trench Animals. Mera and Arthur go to this place and face many challenges. At this time they meet Princess Atlana. She says that she survived this. But he says that the only way out of this is to get the trident. Meanwhile, Atlanta asks Arthur about Tom. Here, Arthur says, "Dad always waits for mom at sunrise."

Princess Atlana says that the trident is not easy to obtain, that it protects a huge monster, and that only a true king can obtain it. Then Arthur goes to that place. The monster tells him that it is not given to a half-king, and that all who have come to get it so far have not come back to life. Here a fight breaks out between the two and Arthur is severely beaten. But at this point, Arthur talks to the monster, which no one has ever done before, and then gives them the trident. After getting this, Atlana, Mera, Arthur and the monster go to Atlantis. Atlantis is currently fighting to conquer other kingdoms. Arriving at this place, Arthur attacks Prince Ormi and stops the fight. Everyone accepts Arthur as the rightful king, but Arthur does not kill Prince Ormi. At this time, Ormi sees Atlana and becomes sad. Ormi has hated Arthur for so long because he thought Arthur was responsible for his mother's death. Volko orders the guards to take Ormi away. Arthur tells Ormi here, "When you're ready, we'll talk." That's not all, Arthur. And Mary loves. The battle between the two worlds finally stops. Tom goes to the sea at sunrise as usual. Atlana is there that day and the two embrace lovingly. This ends the story. Here Arthur says,

"My father is a lighthouse keeper. My mother is a queen. They were never meant to meet, but their love saved the world. They made me who I am today. A son to the land. A king to the sea. I am the protector of the deep. I am Aquaman."

 

-Awishka Aluthwaththa-




 








  The Danish Girl "The Danish Girl" is a biographical drama film directed by Tom Hooper, released in 2015. The film is based on ...