Translate

Wednesday 12 July 2023

 

බුට්ටා බුම්මා

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ චන්ද්‍රසේකර් රාමේශ් විසිනි.අපි යමු කථාව පැත්තට,

සත්‍යා සාමාන්‍ය පවුලක ලස්සන ගැහැණු ළමයෙක්,ඇයට එම ගමේ සල්ලිකාර පවුලක පිරිමි ළමයෙක් ආදරය කරනු ලැබුවත් සත්‍යා එය ගණන් නොගනි.නමුත් එම පිරිමි ළමයාගේ මව සත්‍යාගේ පවුලට අකමැත්තක් දක්වයි.සත්‍යාගේ මව ඇඳුම් මසන කෙනක් ලෙස කටයුතු කරයි.සත්‍යාගේ පියා මා මුලින් පැවසූ සල්ලිකාර පිරිමි ළමයා යටතේ වැඩකරන සේවකයෙකි.

දවසක් සත්‍යා දුරකථන අංකය වරදා වෙනත් පුද්ගලයෙකුට දුරකථන ඇමතුම ලබා ගනී.සත්‍යා ඉන්පසු එය වැරදීමකින් සිදුවුණ දෙයක් ලෙස පවසමින් එම කෝල් එක කට් කරයි.නමුත් එම පිරිමි ළමයා සත්‍යාට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබා ගනී.ඔහු නමින් මුරලි ය.සත්‍යා මුල් කාලයේ ඔහුට අකමැති වුවත් පසුව ඔහුට කැමැත්තක් දක්වයි.ඉන්පසු දෙදෙනා  ආදරය කරනු ලබයි.මුරලි ත්‍රී රෝද රථ රියදුරෙක්වන අතර ඔහු මිනිසුන්ට උදව් කරමින් සිටින පුද්ගලයෙක් වෙයි.සත්‍යා ළඟ ඇත්තේ සමාන්‍ය දුරකතනයකි.එම නිසා ඇය මුරලිගේ පෙනුම කෙබඳු දැයි හෝ නොදනි.දවසක් සත්‍යාව බැලීමට මුරලි පැමිණෙන බව පැවසුවත් ඔහු නොපැමිණෙයි.මේ අතර සත්‍යාට අර සල්ලිකාර පවුලින් මංගල යෝජනාවක් පැමිණෙයි.ඉන්පසු සත්‍යා මුරලි බැලීමට නගරයට යන්නට සැරසෙයි.සත්‍යාගේ මව,පියා සහ නංගි ගමනක් ගිය අතරතුර සත්‍යා මුරලි බැලීමට යයි.සත්‍යා මුරලිට පවසන්නේ ඇය බහින තැනම ඉන්න කියායි.මොකද සත්‍යා මින් පෙර මෙහි කිසිම දවසක ඇය තනිවම ඇවිත් නැති නිසාවෙනි.මේ අතර සත්‍යා කියා සිටින්නේ තමාව මුහුද බැලීමට ද රැගෙන යන ලෙසයි.මෙලෙස බලාපොරොත්තු රැසක් සමඟින් සත්‍යා නගරයට පැමිණිය ද මුරලි තවමත් නොසිටි.මෙලෙස සත්‍යා බයෙන් ඉන්න බව දුටු පිරිමින් දෙදෙනෙක් සත්‍යා පසුපස එයි.සත්‍යා මුරලිට දුරකථන ඇමතුම් ගත්ත ද ඔහු එය නොගනි.සත්‍යා බිය වූ විගස ඇය කාන්තා වැසිකිළියකට ගොස් සැඟවෙයි.

මේ  අතර නගරයේ ආර්.කේ නමින් කොල්ලෙක් සිටියි.ඔහු හොඳට ඉගනගෙන තිබුණ ද ඔහුට රැකියාවක් තවමත් නැත.ඔහු සැරපරුෂ පුද්ගලයෙක් වන අතර ඔහුට සෑමතැනම මැරයන් සිටින පුද්ගලයෙකි.පොලිසිය ද ඔහුට මුකුත් නොකියයි.

මේ අතරතුර සත්‍යාව දැකීමට මුරලි පැමිණෙන අතර බස් නැවතුම්පළේ ඇතිවූ රණ්ඩුවකින් මුරලිගේ දුරකථනය විසි වී යන අතර එම දුරකතනය එතැන සිටිය පුද්ගලයෙක් හොරෙන් රැගෙන යනු ලබයි. ආර්.කේ මේ සියල්ල දෙස බලා සිටියි.ඔහු එම පුද්ගලයා පසුපස ගොස් දුරකථනය ලබා ගනී.මේ සමඟම සත්‍යාගෙන් ඇමතුමක් ලැබෙයි.එය ආන්ස්වර් කරන ආර්.කේ මුකුත් නොකියාම අහන් ඉදී. එම දුරකතනය වෙනත් කාන්තාවකගෙන් ද ඇමතුමක් ලැබෙන අතර ආර්.කේ එය ද ආන්ස්වර් කර මුකුත් නොකියයි.මේ සමඟම සත්‍යාට කාන්තා වැසිකිලියෙන් එමට සිදුවේ.මුරලිට ඇමතුම ලබා ගන්නා සත්‍යා පවසන්නේ "තමන් කාන්තා වැසිකිලියේ සිටින බවත් දැන් එළියට එන බවත් ඉක්මනට එන ලෙසත් ය".සත්‍යා එළියට එන අතරම නැවත අර පිරිමි දෙදෙනා ඇය පසුපස පැමිණෙන අතරම ආර්.කේ ඇයගේ අත අල්ලා සත්‍යාට කථා කරන අතර සත්‍යා ආර්.කේ ව, මුරලි ලෙස සිතයි.මොක ද මුරලිගේ දුරකථනය ආර්.කේ අතෙහි තිබුණ නිසාවෙනි.

මේ ස්ථානයට මුරලි පැමිණෙන අතර ආර්.කේ විසින් මුරලිගේ ජංගම දුරකථනය ඔහුට ලබා දෙයි.ඉන්පසු සත්‍යා සැබැ මුරලි කවුද යන්න හඳුනා ගනී.ඉන්පසු මුරලි සමඟ සත්‍යා යයි. නමුත් ආර්.කේ මොවුන් දෙදෙනා පසුපස යයි.මෙය දුටු සත්‍යා මුරලිට එය කියයි.ඉන්පසු මුරලි ආර්.කේ ලඟට යන අතර දෙදෙනා අතර රණ්ඩුවක් ඇතිවෙයි.එම රණ්ඩුව බේරීමට ගිය සත්‍යා මඩ වලකට වැටෙයි. එම ස්ථානයට පොලිසියෙන් පැමිණෙන අතර එය සමතයකට පත් කොට යයි.සත්‍යාට අලුත් ඇඳුමක් මුරලි අරන් දී ඇයව ඔහුගේ කුලි නිවසට රැගෙන යයි. ඉන්පසු සත්‍යාට ඇඳුම් මාරු කරගන්නා ලෙස පවසා මුරලි කෑම රැගෙන ඒමට යයි.මේ අතර මුරලිගේ දුරකතනයට ඇමතුම් ලබාගත් කාන්තාව මුරලි සොයාගෙන එයි.එවිට ආර්.කේ කෑම රැගෙන යන මුරලිව දැක ඔහු පසුපස එයි.මුරලි නිවසට යන විට අර කාන්තාව සත්‍යා සමඟ කතා කර කර සිටින අතර එවිට මුරලි තිගැස්සෙයි.ඒ සමඟම අර කාන්තාවගෙන් පිටවූ වචනයකින් මුරලි තමාව විකිණිමට යන බව සත්‍යා  දැනගනි.ඔහු මෙතෙක් කල් තමාට ආදරය කර නොමැති බව ඇයට වැටහෙයි.අර කාන්තතාව ගිය පසු සත්‍යා තමාට ගෙදර යාමට අවශ්‍ය බව සත්‍යා පවසයි. නමුත් මුරලි ඇයට ඉඩනොදෙයි.සත්‍යා පැන යාමට උත්සහා කිරීමේ දී මුරලි ඇයට පහර දෙයි. මේ සමඟම ආර්.කේ මුරලිගේ කුලි නිවසට පැමිණෙන අතර නිවසට ඇතුළු වූ වහාම ආර්.කේ නිවසේ දොර ලොක් කරන අතර ආර්.කේ ගේ මිත්‍රයා එළියේ දොර ළඟ සිට ඔත්තු බලයි.නිවසට ඇතුලුවුණ ආර්.කේ මුරලිට දරුණු ලෙස පහර දෙයි.මුරලි සහ ආර්.කේ මෙලෙස රණ්ඩු කරන අතර සත්‍යා නානකාමරයේ සැඟවී හඩයි.ආර්.කේ මුරලිගෙන් සත්‍යා කොහේ දැයි විමසමින් ඇයව  ඉල්ලාසිටී. නමුත් මුරලි කිසිවක් නොකියයි.සත්‍යා බිය වී කිසිත් කර ගැනීමට නොහැකිව හඬයි.පසුව ආර්.කේ දරුණු ලෙස මුරලිට ගසයි.ඉන්පසු ආර්.කේ නාන කාමරයේ දොර කඩමින් සත්‍යාට තමා සමඟ එන ලෙසත් දැන් සත්‍යා ආරක්ෂිත බවත් කියයි.ටික වේලාවකින් පසු සත්‍යා නැගිට ආර්.කේ සමඟ එම ස්ථානයෙන් යයි.ආර්.කේ එවිට සත්‍යාට විස්තර කියයි.මුරලිගේ දුරකථනය ලබාගත් විට ආ දුරකතන ඇමතුමින් සත්‍යාව විකිණීමට යන බව දැනගත් නිසාවෙන් සත්‍යාව බේරා ගැනීමට ආ බවත් කියයි.ඉන්පසු ආර්.කේ සත්‍යාට කියන්නෙ මොනා හරි අවශ්‍ය නම් කියන්න කියලයි.සත්‍යා එවිට ආර්.කේ ට පවසන්නේ තමාට මුහුද බැලීමට අවශ්‍ය බවයි.ඉන්පසු ආර්.කේ සත්‍යාව රැගෙන මුහුද වෙරළට යයි.පසුව සත්‍යාට ගමට යෑමට අවශ්‍ය බස් රථයට එක්කන් ‍යයි.සත්‍යා ආරක්ශිතව ගමට යයි.

අවසානයේ ආර්.කේ සත්‍යාට කියන්නේ,

"ඔයා එයාව ගොඩක් විස්වාස කළා නේ ද?අපිට ආදරය අමතක කරන්න පුළුවන්.ඒත් අපි ආදරය කරන අයගේ පවාදීම් බැහැ.ඔයා තරුණ වැඩියි.ඔයාට කිසිම අදහසක් නෑ.එත් සැබෑ ලෝකයේ වෙස්මුහුණක් පිටුපස්සේ තියන විදිය මේකයි. හැමදාම දකින  අය විස්වාස කරන්නත් බෑ.ආගන්තුකයන් එක්ක ඒක ගොඩක් දුෂ්කරයි.මිනිස්සුයි ප්‍රශ්නයි ජිවිතයට එනවා යනවා .හරියට මුහුදු රළ වගේ.අපි පැකිළුනොත් රළ අපිව එයලා එක්ක අරගෙන යනවා.ශක්තිමත්ව ඉන්න එතකොට ඒවා ඔයාව ස්පර්ශ කරලා යන්න යනවා"

 

-අවිශ්කා අලුත්වත්ත-

 

Butta bumma


This movie is directed by Chandrasekhar Ramesh. Let’s go to the story side,

Satya is a beautiful girl from an ordinary family, she is loved by a boy from a rich family in the village, but Satya doesn't care. But the boy's mother dislikes Santa’s family. Satya’s mother works as a tailor. Satya's father is under the rich boy I mentioned earlier. A working employee.

One day Satya makes a wrong phone number and calls another person. Satya then hangs up saying it was a mistake. But the boy keeps calling Satya. His name is Murali. Satya doesn't like him at first but later on. Likes him. Then the two fall in love. Murali is a three-wheeler driver and he is a person who helps people. Satya has a similar phone. That's why she doesn't even know what Murali looks like. One day, Murali says he will come to visit Satya, but he doesn't come. Meanwhile, Satya gets a marriage proposal from that rich family. Then Satya plans to go to the city to see Murali. While Satya's mother, father and sister went on a trip to visit Murali Goes. Satya tells Murali to stay where she gets off. Because Satya has never come here alone before. Meanwhile, Satya asks to take her to see the sea. Thus, Satya came to the city with many hopes, but Murali was still not there. Seeing that Satya is scared, two men follow Satya. Satya calls Murali but he does not pick up. Satya is scared. She immediately goes to a women's toilet and hides.

Meanwhile in the city there is a boy named RK. He is well educated but still has no job. He is a tough guy and he has thugs everywhere. The police don’t say anything to him either.

In the meantime, Murali comes to see the truth and in a fight at the bus station, Murali's phone is thrown and the phone is stolen by a person there. RK watches all this. He follows the person and picks up the phone. At the same time, he receives a call from Satya. RK answers it and listens without saying anything. The phone also receives a call from another woman and RK answers it too and does not say anything. At the same time, Satya has to leave the women's washroom. Murali gets the call and says, "She is in the women's washroom and is coming out now, please come soon." As Satya comes out, the two men come after her again, and RK grabs her hand and tells Satya. Satya thinks RK is Murali because Murali's phone was in RK's hand.

Murali arrives at this place and RK gives Murali's mobile phone to him. Then Satya realizes who Murali is. Then Satya goes with Murali. But RK follows these two. Seeing this, Satya tells Murali. Then Murali goes to RK and there is a fight between the two. Satya, who went to escape the fight, falls into a mud hole. Those police come to the place and it settles down. Murali buys a new dress for Satya and takes her to his rented house. Then Satya is asked to change his clothes and Murali goes to bring food. Meanwhile, the woman who called Murali's phone comes to find Murali. Then RK sees Murali carrying food and follows him. When Murali goes home, the woman is talking to Satya and then Murali gets shocked. At the same time, from a word from the woman, Satya knows that Murali is going to sell her. She realizes that he has not loved her so far. After the woman leaves, Satya tells her to go home. Satya says necessary. But Murali does not allow her. As Satya tries to escape, Murali attacks her. Along with this, RK Murali's servant comes to the house and immediately after entering the house, RK locks the door of the house and RK's friend watches from outside the door. RK enters the house and beats Murali severely. Murali and RK They fight like this and Satya hides in the bathroom and screams. RK asks Murali where Satya is and asks for her. But Murali doesn't say anything. Satya gets scared and cries helplessly. Then RK hits Murali badly. Then RK breaks the bathroom door and tells Satya to come with him and now Satya is safe. After some time Satya gets up and RK RK then tells Satya the details. When he gets Murali's phone, he says that he came to save Satya because he knew that Satya was going to be sold. Then RK tells Satya to tell him if he needs anything. Satya then tells RK that he wants to see the sea. Then RK The sea takes the truth to the shore. Later Satya is taken to the bus to go to the village. Satya goes to the village safely.

At the end RK tells to Satya,

"You trusted him a lot, didn't you? We can forget love, but we can't forget the ones we love. You're too young. You have no idea. But this is how it is behind a mask in the real world. You can't trust people you see every day. Even with strangers. It is very difficult. People and problems come and go in life. Just like the waves of the sea. If we stumble, the waves will take us with them. Stay strong and they will touch you and go."

-Awishka Aluthwaththa-




 

 

13 comments:

  The Danish Girl "The Danish Girl" is a biographical drama film directed by Tom Hooper, released in 2015. The film is based on ...