Translate

Saturday 1 July 2023

 

💧💦 ඇක්වමෑන් 💧💦

මෙම චිත්‍රපටය නිකුත් වන්නේ 2018 දෙසැම්බර් 21 වන දිනයි.මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ජේම්ස් වොන් විසිනි.මෙම චිත්‍රපටය නිශ්පාදනය කිරීම සඳහා ඩොලර් මිලියන 160-200 අතර මුදලක් වැය විය.එහෙනම් අපි යමු කතාව පැත්තට,

මෙම කතාව ආරම්භ වන්නේ ඉතා අධික සිළි කුනාටු සහිත වැසි දවසකයි. එදින ප්‍රදීපාගාරය අසලට ලස්සන ගෑණුළමයක් ඉතා දරුණු ප්‍රහාර එල්ල සිහිසුන් වී ගොඩගැසී තිබුණි.මෙය දුටු ප්‍රදීපාගාර ආරක්ෂකයා ටොම් ඇයව තමන්ගේ නිවහන වෙත ඔසවාගෙන යයි.ඇයට සිහිය පැමිණි පසු ටොම්ට පහර දීමට තැත් කරත් ඇය නැවත සිහිසුන් වී ඇද වැටෙයි. ටොම් ඇයගේ තුවාලවලට බෙහෙත් දමයි.නැවත සිහිය පැමිණි ඇය, ටොම් සමඟ මිත්‍රවෙයි.ඇය ඇට්ලන්ටිස්වල රැජිණයි. ඇගේ නම ඇට්ලනා යි.ඇට්ලනා තමන්ගේ රාජධානියෙන් පැන එන්නෙ ඇයගේ යොජිත විවාහයට අකමැත්ත නිසායි.කාලය ගෙවීයාමත් සමඟ ඇට්ලනා කුමරිය ටොම් සමඟ ආදරෙන් බැඳෙයි.මෙහි ප්‍රතිඵලයක් විදිහට ආතර් උපදී.නමුත් ඇට්ලානා කුමරිය සොයා ගොඩබිමට ඇට්ලනාගේ රාජධානියෙන් පැමිණෙයි.මේ අවස්ථාවේ දී ඇට්ලනා තම දරුවාත් , සැමියත් බේරා ගැනීම සඳහා නැවත තම රාජධානිය වෙතයයි. දවසක ගොඩබිම සහා මුහුද යන මේ ලෝක දෙකම එකට එකතු කළහැකි එකම ජීවමාන සාක්ෂිය ඔහු බව ඇට්ලනා කියයි. ඇට්ලනා ටොම්ව දමානික්ම යන මොහොතේ ඇය පවසන්නේ නැවත ඉර නැගෙන වේලාවක මෙතනදීම ඔහුව හමුවන බව පවසමිනි.

කාලයත් සමඟ ලොකු මහත්වන ආතර්ට මුහුදේ මාලූන් සමඟ කතා කිරීමට හැකියාවක් ද  ඇත.එමපණක් නොව ආතර් ගැඹුරු මුහුදු මංකොල්ලකාරයන්ගෙන් ද මිනිසුන්ව බේරාගන්නා කෙනෙක් ලෙස ජිවත් වෙයි.ඔහුව මිනිස්සු හදුන්වනේ ඇක්වමෑන් කියලයි.

ආතර්ට වොල්කෝ සියලු සටන් කලාවන් උගන්වනවයි.වොල්කෝ කියන්නේ ඇට්ලනා කුමරිය ළඟම සිටි ආරක්ෂකයෙක්.ඇට්ලනා කුමරිය මේ වනවිටත් ඔර්වැක්ස් රජු විසින් ට්‍රෙන්ච් ජිවීන්ට බිලි දී ඇත.ඔර්වැක්ස් රජු යනු ඇට්ලනාගේ දෙවෙනි විවාහය සිදුවූ රජුයි.මේ විවාහය සිදු කරන්නේ නියම උරුමක්කරුවෙක් එම ලෝකයට අවශ්‍ය වූ නිසායි.ඔවුන් දෙදෙනාට ඔර්මි කුමාරයා උපදින්නේ ඉන්පසුවයි.නමුත් ආතර් ගැන දැනගත් පසු එය රාජවංශයටම ලැජ්ජාවක් ලෙස සිතූ ඔර්වැක්ස් රජු ඇට්ලනාව බිලි දෙයි.

දැන් ඇට්ලන්ටිස්වල රජු වන්නේ ඔර්මි කුමාරයයි.ඔහු අනෙක් රාජධානිද එකට එකතු කොට ගොඩබිමට පහර දීමට සුදානම් වෙයි. මේ අතර ඔර්මිව විවාහ කර ගැනීමට සිටින මේරා කුමරිය ආතර්ව හමුවී මෙය නවත්වන ලෙසත් ඔහුට ඔර්මි පරදා ඇට්ලන්ටිස්වල රජකම ලබාගන්නා ලෙසත් පවසයි.නමුත් ආතර් කියන්නේ තමා රජෙකු නොවන බවත් හදිස්සියේ හරි ,ඔර්මි ගොඩබිමට පහර දුන්නොත් තමා ද පහර දෙන බවයි.එවිට මේරා පවසන්නේ ඇට්ලනා කුමරියගේ පළමු පුතා ආතර් නිසා නියම උරුමය ආතර්ට හිමිබවයි.කෙසේ නමුත් මුහුදු ලෝකයට ආතර්, මේරා සමඟ යයි. මෙහිදී සටනක් ඇතිවෙයි.මේ අවස්ථාවේ ඔර්මි කුමරයා තම පියාගේ ත්‍රීශූලයෙනුත් ආතර් තම මවගේ තිශූලයෙනුත් සටන් කරයි.මෙම සටනින්  ඇට්ලනා කුමරියගේ ත්‍රීශූලය ඔර්මි කඩා දමයි.මෙම අවස්තාවේ මේරා ආතර්ව රැගෙන පලායයි. මෙහිදී  වුල්කෝ ඔවුන් දෙදෙනාට මෙතෙක් බිහිවූ බලවත්ම ත්‍රිශූලය සොයා ගෙන පැමිණෙන ලෙසට පවසයි.ඒ සඳහා ඔහු උදව් කරයි. එය රැගෙනවිත් සටන් කර තම උරුමය ලබාගන්නා ලෙසට ආතර්ට පවසයි.

මෙම ත්‍රිශූලය තිබෙන්නේ ඇට්ලනා කුමරියව බිළිඳුන් ට්‍රෙන්ච් ජිවීන් පසුකර ගොස් තිබෙන පෙදෙසකයි.මේරා සහා ආතර් මෙම ස්ථානයට යන්නේ සෑහෙන අභියෝග රැසකට මුහුණ පාමිණි. මේ අවස්ථාවේ ඔවුන්ට ඇට්ලනා කුමරිය හමුවෙයි. ඇය මෙයට බේරී ආ බව මෙහිදී කියයි. නමුත් මෙයින් එළියට යන්න තියෙන එකම ක්‍රමය ත්‍රිශූලය ලබා ගැනීම බව පවසයි.මේ අතර ඇට්ලනා ටොම් ගැන ආත‍ර්ගෙන් අසයි. මෙහිදි ආතර් කියන්නේ "තාත්තා හැමදාම ඉර නගින වේලාවට අම්මා එනකම් බලාගෙන ඉන්නවා"කියලයි.

ඇට්ලනා කුමරිය කියන්නේ ත්‍රිශූලය ලබාගැනීම පහසු නොවන දෙයක් බවත්, එය දැවැන්ත රාක්ශයෙක් ආරක්ෂා කරන බවත්, එය ලබා ගත හැක්කේ නියම රජෙකුට බවත් ය. ඉන්පසු එම ස්ථානයට ආතර් යයි. ඔහුට රාක්ෂයා පවසන්නේ අර්ධ රජෙකුට එය නොදෙන බවත්, මෙතෙක් එය ලබා ගැනීමට පැමිණි සියලු දෙනා නැවත පණ පිටින් නොගිය බවත් ය.මෙතන මොවුන් දෙදෙනා අතර සටනක් ඇතිවූ අතර ආතර් දරුණු පහරකෑම්වලට ලක්වෙයි.නමුත් මේ වෙලාවේදී ආතර් එම රාක්ශ්‍යා සමඟ කතා කරයි.මෙතෙක් පැමිණි කිසිවෙකුට එය කළ නොහැකි දෙයක් වූ නිසා පසුව ත්‍රිශූලය ලබා ගැනීමට දෙයි. ඉන්පසුව මෙය ලබාගත් පසු ඇට්ලනා, මේරා,ආතර් සහා රාක්ශයා ඇට්ලන්ටිස්වලට යයි. මේ වනවිට ඇට්ලන්ටිස් අනෙක් රාජධානි යටත් කර ගැනීමට සටන් දියත් කර සිටියි. මෙම ස්ථානයට පැමිණි ආතර් ඔර්මි කුමාරයාට පහර දී එම සටන නවත්වයි.  ආතර් නියම රජු ලෙස සියල්ලන්ම පිළිගනී.නමුත් ආතර් ඔර්මි කුමාරයා මරණයට පත් නොකරයි.මේ අවස්ථාවේ ඇට්ලනා දුටු ඔර්මි දුක්වෙයි.ඔර්මි මෙච්චර කාලයක් ආතර්ට වෛරකරනු ලැබුවේ තම මවගේ මරණයට වගකිවයුත්තා  ආතර් යැයි සිතූ නිසායි.වුල්කෝ ඔර්මිව රැගෙන යන ලෙසට ආරක්ෂකයන්ට අණ කරයි.ආතර් මෙතන දී ඔර්මිට කියන්නේ "ඔයා ලෑස්ති උනාම, අපි කතා කරමු" කියලයි.එපමණක් නොවේ ආත‍ර් සහා මේරි ආදරය කරයි. ලෝක දෙක අතර සිදුවීමට ගිය සටන අවසානයේ නවති. ටොම් සුපුරුදු පරිදි ඉර නගින වේලාවට මුහුද ළඟට යයි. ඇට්ලනා එදින එතනට පැමිණ සිටින අතර ඔවුන් දෙදෙනා ආදරෙන් වැළඳගනී.මෙයින් මෙම කතාව අවසන්වෙයි.මෙහිදී ආතර් පවසන්නේ,

"මගේ පියා ප්‍රදීපාගාර මුරකරුවෙක්. මගේ මව රැජිණක්. ඔවුන් දෙදෙනා කවදාවත් මුණ ගැසිය යුතු දෙන්නෙක් නෙමේ,එත් ඔවුන්ගේ ආදරය ලෝකය බේරාගත්තා.එයලා තමයි අද මේ ඉන්න මාව නිර්මාණය කෙරුවේ.ගොඩබිමට පුත්‍රයෙක්.සාගරයට රජෙක්, මමයි ගැඹුරේ ආරක්ෂකයා,මමයි ඇක්වමෑන්"

-අවිශ්කා අලුත්වත්ත-


 💧💦 Aquaman 💧💦


This movie is releasing on 21st December 2018. It is directed by James Vaughan. The production cost of this movie is between 160-200 million dollars. So let's go to the story side,

The story begins on a very stormy rainy day. That day, a beautiful girl was unconscious near the lighthouse due to a severe attack. Tom, the lighthouse keeper, saw this and took her to his home. After she regained consciousness, she tried to attack Tom, but she fell unconscious again. Tom treats her wounds. She regains consciousness and befriends Tom. She is the queen of Atlantis. Her name is Atlana. Atlana escapes from her kingdom because she doesn't like her arranged marriage. As time passes, Princess Atlana falls in love with Tom. As a result, Arthur is born. But Princess Atlana comes to land from Atlana's kingdom. At this time, Atlana returns to her kingdom to save her child and husband. Atlana says that he is the only living proof that one day these worlds of land and sea can be brought together. As Atlanta leaves Tom, she says she'll meet him back here at sunrise.


Over time, Arthur, who grows bigger, has the ability to talk to sea falcons. Not only that, Arthur also lives as a rescuer from deep sea pirates. People call him Aquaman.

Volko teaches Arthur all the martial arts. Volko is a guard who was close to Princess Atlana. Princess Atlana has already been sacrificed by King Orwax to Trench Animals. King Orwax is the king who had Atlana's second marriage. This marriage is done because the world needed a real heir. They Prince Ormi is born to the two. But after learning about Arthur, King Orwax sacrifices Atlana, thinking it would be a shame for the dynasty.

Now the king of Atlantis is Prince Ormi. He gathers the other kingdoms and prepares to attack the land. Meanwhile, Princess Mera, who is about to marry Ormi, meets Arthur and tells him to stop this and defeat Ormi and get the kingship of Atlantis. But Arthur says that he is not a king and suddenly, if Ormi attacks the land, he will also attack. .Then Mera says that because Arthur is the first son of Princess Atlana, Arthur has the rightful inheritance. However, Arthur goes to the sea world with Mera. A battle ensues. Prince Ormi fights with his father's trident and Arthur with his mother's trident. In this fight, Ormi breaks Princess Atlana's trident. At this point, Mera takes Arthur and runs away. Here, Volko tells them to find the most powerful trident ever created. He helps in that. Arthur is told to carry it and fight to claim his inheritance.

This trident is located in the area where Princess Atlana passed through the baby Trench Animals. Mera and Arthur go to this place and face many challenges. At this time they meet Princess Atlana. She says that she survived this. But he says that the only way out of this is to get the trident. Meanwhile, Atlanta asks Arthur about Tom. Here, Arthur says, "Dad always waits for mom at sunrise."

Princess Atlana says that the trident is not easy to obtain, that it protects a huge monster, and that only a true king can obtain it. Then Arthur goes to that place. The monster tells him that it is not given to a half-king, and that all who have come to get it so far have not come back to life. Here a fight breaks out between the two and Arthur is severely beaten. But at this point, Arthur talks to the monster, which no one has ever done before, and then gives them the trident. After getting this, Atlana, Mera, Arthur and the monster go to Atlantis. Atlantis is currently fighting to conquer other kingdoms. Arriving at this place, Arthur attacks Prince Ormi and stops the fight. Everyone accepts Arthur as the rightful king, but Arthur does not kill Prince Ormi. At this time, Ormi sees Atlana and becomes sad. Ormi has hated Arthur for so long because he thought Arthur was responsible for his mother's death. Volko orders the guards to take Ormi away. Arthur tells Ormi here, "When you're ready, we'll talk." That's not all, Arthur. And Mary loves. The battle between the two worlds finally stops. Tom goes to the sea at sunrise as usual. Atlana is there that day and the two embrace lovingly. This ends the story. Here Arthur says,

"My father is a lighthouse keeper. My mother is a queen. They were never meant to meet, but their love saved the world. They made me who I am today. A son to the land. A king to the sea. I am the protector of the deep. I am Aquaman."

 

-Awishka Aluthwaththa-




 








6 comments:

  Silent Forest "Silent Forest" is a Chinese drama film directed by Chen-Nien Ko, released in 2020. The movie tells the story of...