Translate

Wednesday, 2 August 2023

DADA MOVIE


මම අද ඔබ වෙතට රැගෙන එන්නේ ඩැඩා චිත්‍රපටයයි. මෙය  අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ගනේෂ් කේ බාබු විසිනි. එහෙනම් අපි යමු මේ කතාවේ මොකක්ද වෙන්නේ කියලා බලන්න.

 මනී සහ සින්දු කියන්නෙ කැම්පස් එකේ හමුවුනු පෙම්වතුන් යුවලක්. මොවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවය දුර දිග ගොස් සින්දු මනී අතින් ප්‍රෙග්නට් වෙනවා. ඉන්පසු  මනී  දරුවව නැති කරමු කියලා කීවත් සින්දු ඒකට කැමති වෙන්නේ නැහැ. ඉන්පසු සින්දු මනී  සමග මනීගේ යාළුවෙක් වුණු අමිත්ගේ නිවසට ටික කාලයකට පදිංචියට යනවා. මොවුන් දෙදෙනා අමිත්ගේ නිවසට යන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට ද විරුද්ධ වෙමින්. මේ අතර මනී කුලී වැඩ කරමින් සින්දුව බලාගන්නවා. නමුත් අමිත්ගේ ගෙදර ඇති වූ ප්‍රශ්නයකින් සින්දු සහ මනී  අඩු මුදලකට වෙනත් නිවසක පදිංචියට යනවා. නමුත් දවසක් මෙසේ ජීවත්වීමේදී දෙදෙනාටම ආර්ථික ප්‍රශ්නයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මනී වැඩ වී ඉවර බීමතින් ගෙදර එනවා.මෙවැනි තත්ත්වයන් හමුවේ මනී සහ සින්දු අතර ගැටුම් ද ඇතිවෙනවා. ඉන්පසු මනී තරහින් තමන් වැඩ කරන ස්ථාන්‍ය වෙත යනවා.ටික වේලාවකින් සින්දුට හොඳටම අමාරු වෙනවා. සින්දු මනීට දුරකථන ඇමතුම් ලබා ගත්තද මනී තමන්ගේ ජංගම දුරකථන ක්‍රියා විරහිත කරනවා. මේ අතර ළඟ නිවසක කාන්තාවක් සින්දුට කෑම වගයක් දීමට එන අවස්ථාවේදී  දී සිහිය නැතිවී බිමවැටී සිටින සින්දුව දැක රෝහල වෙත ඇයව රැගෙන යනවා. මනීට මේ සියල්ල ආරංචි වෙන්නේ හවස් වෙලයි. ඉන්පසු මනී රෝහල වෙත දිවගියත් සින්දු එතන දකින්න ලැබෙන්නේ නැහැ. දරුවා විතරක් රෝහලේ ඉන්නවා. සින්දු ගියේ කොහෙද කියලවත් මනීට හොයාගන්න බැරිවෙනවා. මේ නිසාම මනී  දැඩි තරහකින් සින්දු එක්ක පසුවෙනවා. දරුවාව රැගෙන මනී  තමන්ගෙ නිවසට ගියත් මනීගේ පියා දරුවා සහ මනීව ප්‍රතික්ෂේප කරනවා. ඉන්පසු මනී දරුවෙක් හදාවඩා ගන්න දන්නෙ නැති නිසා , දරුවා ළමා නිවාසයක් වෙත රැගෙන යනවා. එතැනදි දරුවා දාලා එන මනීගේ හිතට වේදනාවක් දැනෙනවා. ඉන්පසු මනී  ආපසු දුවගෙන ඇවිත් දරුවව රැගෙන යනවා. ඉන්පසු මනී  පදිංචියට යන්නේ තමන්ගේ වූ අමිත්ගේ නිවසට.අමිත් සහ මනී එකතුවෙලා  දරුවාව හදාවඩා ගන්නවා.මේ අතර මනී තමන්ගේ  උපාධිය  කරගෙන යනවා. ඉන්පසු මනී  හොඳ රැකියාවක් ලබා  ගන්නවා. දවසක් මනීට තමාගේ නෑනා හමුවෙනවා. ඇය මනීට පවසන්නේ තමා වැඩ කරන ස්ථානයේ තනතුරුවලට අලුතෙන් අය බඳවා ගන්නා බවත් ඔහුට ඒවාට අයදුම් කරන ලෙසත් ය.  එවිට ලොකු වැටුපක් ලැබෙන බවත් ඇට පවසනවා. මේ සමගම ඉතා සතුටින් නිවසවෙත යන මනි පහුවදා තමන්ගේ නෑනා වැඩ කරන ස්ථානය වෙත යනවා. මනීව එම ආයතනයට බඳවා ගන්නවා බවත් පහුව දා සිට වැඩට එන ලෙසත් මනීට පවසනවා. මනී  පහුවදා වැඩට ගියත් ඒ වෙනුවට වෙන කෙනෙක් එම තනතුරට බඳවා ගත් බව එතනින් කියනවා. එවිට මනීට ගොඩක් තරහ යනවා. තමන් කලින් වැඩ කරමින් සිටි ස්ථානය ද දැන් මනීට නැති නිසයි.මනී  ඉන්පසු දැනගන්නවා තමාගේම නෑනා ඔහුව මේ තනතුරට බඳවා නොගන්නා ඉල්ලා සිටිබව.මනී  ඉන්පසු තරහින් සහ දුකින් පිටත් වෙනවා.

තම දරුවාව රැගෙන යන්න පාසලට මනී  යනවා.මේ අවස්ථාවේදීම පාසලේ දරුවෙක්ගේ පියෙක් සමග ඇති වූ ප්‍රශ්නයක් නිසා මනී  ඔහුට බැණ වදිනවා. ඔහුගේ නම ගොකුල්.ගොකුල් තමාට අපහාස කර නිසා පැමිණිල්ලක් පොලිසිය වෙත ගොස්  දමනවා.මේ නිසා මනීට පොලිසියට යන්න සිද්ධ වෙනවා. මනීගේ පුතා ආදිත්‍යා ගොකුල් ළඟට ගොස් සමාව ඉල්ලනවා. තාත්තට යන්න දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳව සංවේදී වූ ගෝකුල් පොලිසියෙන් තමන්ගේ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නවා. පසුව ගෝකුල්  සහ මනී හොඳම මිතුරන් බවට පත්වෙනවා. මනී  ඔහුට තමන්ගේ රැකියාව නැතිවීම පිළිබඳ පවසනවා. ඉන්පසු ගෝකුල්   මනීව ප්‍රධාන පෙළේ ආයතනයකට යවනවා. ලොකු වැටුපක් මෙහිදී  මනීට ලැබෙන බවත් ඔහු පවසනවා. මනී පහුවදා එම ආයතනයට යන අතර එදිනම මනීට වැඩ පටන් ගන්නා ලෙසත් ආයතනයෙ ප්‍රධානියා පවසනවා. මේ වෙලාවෙදි  ඔහු  කියන්නෙ ගෝකුල් කිසිම දවසක මෙතරම් උදව්වක් ඉල්ලා නොමැති බවයි.කෙසේ නමුත් මෙතැනදී මනීට සින්දුව දැකගන්න ලැබෙනවා. සින්දු මනීට වඩා උසස් තනතුරක් මෙම ආයතනය තුළ දරනවා. සින්දු එකපාරටම මනීව දැක තිගැස්සෙනවා. නමුත් ඔවුන් තුළ පෙර තිබූ සමීපතාව තවදුරටත් නැත.මනී ගෝකුල් හමුවෙලා පවසන්නේ තමාට මේ රැකියාවෙන් ඉවත්වීමට අවශ්‍ය බවයි. තමන්ගේ කලින් බිරිද මෙතන සේවය කරන බවත් මනී ඔහුට කියනවා.නමුත් ගෝකුල් පවසන්නේ සින්දු අමතක කර දරුවා ගැන හිතලා මෙම රැකියාව කරගෙන යන ලෙසයි. මෙවැනි ආයතනයක රැකියාවක් ලබා ගැනීම ඉතාමත් අසීරු බව ඔහු මනීට පැහැදිලි කරදෙනවා.

ඉන්පසු මනී  එම ආයතනයේ දිගටම වැඩට යනවා. මනී ටික දවසකින් දරුවා සමග වෙනත් අලුත් සුඛෝපභෝගී නිවසක පදිංචියට යන අතර මනීගේ දෙමාපියන් තම සහෝදරයා ගේ විවාහ උත්සවයේ ආරාධනා පත්‍රයක්  රැගෙන එනවා. අවුරුදු කිහිපයකට පසුව මනීට තම පවුල ආපසු ලැබෙනවා. මේ අතර මනී වැඩ කරන ආයතනයේ ගෑනු ළමයෙක් මනීට ආදරය කරනවා.ඒ විතරක් නෙවෙයි එම ආයතනයෙම පිරිමි ළමයෙක්  සින්දුට ද ආදරය කරනවා. ඔවුන් කිසිවෙක් මනී සහ සින්දු කලින් විවාහ වී සිටි බව දන්නේ නැහැ.නමුත් පසුව ඔවුන් දැනගන්නවා සින්දු සහ මනී විවාහ වී සිටි බව. ඉන්පසු ඔවුන් සින්දු සහ මනීව එකතු කිරීමට උත්සාහ දරනවා. නමුත් යම් යම් ප්‍රශ්න ඇති වීමෙන් ඔවුන් දෙදෙනා නැවත බැන ගන්නවා. මේ අතර එම ආයතනයේ සින්දු ට වඩා උසස් තනතුරක් දරන පුද්ගලයෙක්

සින්දුට කරදර කරනවා. මෙය දැනගත් මනී ඔහුට පහර දෙනවා. මේ ප්‍රශ්නයත් සමඟ මනීට ට්‍රාන්සර් එකක් ලැබෙනවා. ට්‍රාන්සර් එක ලැබීම සමග මනී එම ආයතන යාමට පෙර ආයතන යහළුවන් මනීට පාටියක් දීමට තීරණය කරනවා. මේ පාටියට මනී තමාගේ දරුවත් රැගෙන එනවා. ඉන්පසු  ආදිත්‍යා මනීගේ යහළුවන් සමග සෙල්ලම් කරනවා. මේ අතර ආදිත්‍යා සින්දුගේ ඔෆිස් රූම් එකට යනවා. මේ ඉන්නේ තමාගේ දරුවා බව සින්දු දන්නේ නැහැ. ඇය දරුවාගෙන් නම  මොකද්ද කියලා අහනවා.එතකොට දරුවා කියන්නේ ආදිත්‍යා කියලයි. එවිට සින්දුට මතක් වෙනවා ඔවුන්ගේ දරුවාට ද  ආදිත්‍යා කියලා නම දමන්නට සිටි බව. සින්දු  ඉන්පසු තාත්තගේ නම මොකක්ද කියලා අහනවා. එතකොට ආදිත්‍ය කියන්නේ මණිකන්ඩන් කියලයි.සින්දුට කරකියා ගන්න දෙයක් නැතිවෙනවා. අම්මගෙ නම මොකක්ද අහද්දි එතැනට සේවකයෙක් පැමිණ දරුවව රැගෙන යනවා. ඉන්පසු සින්දු තමාගේ ගෙදරට දුරකථන ඇමතුමක් ලබා ගන්නවා. මේ වෙලාවෙදි තමයි සින්දු දැනගන්නේ එදා තමන්ගේ දෙමව්පියන් ඇයට බොරු කිව්ව විත්තිය. දරුවා මැරුණ බව පවසමින් සින්දුව පිටරටකට රැගෙන යන්නට ද මවුපියන් කටයුතු කරනවා. දරුවා නැතිවීම නිසා සින්දු මනී සමග කේන්තියෙන් පසුවෙනවා. මේ සියල්ල වැරදි වැටහීමක් බව දැන්ගත් පසු සින්දු හඬමින් මනී වෙත එනවා. ඒ වන විට සියලු දෙනාම පාටිය සමරමින් සිටිනවා.ඉන්පසු ඔවුන් මනී සහ සින්දු තනිකර යනවා. සින්දු හොඳටම අඬමින් සිදුවන හැම දෙයක්ම කියනවා. සින්දු මනීගෙන්  අහනවා ඇයි ඔයා මාව හො‍යාගෙන ආවේ නැත්තෙ, මම බලන් ඉදියා කියලා. කොහොම  උනත් සින්දු මනීගෙන් සමාව ඉල්ලනවා. ඉන්පසු දරුවා බලන්න පුළුවන්ද කියලා මනීගෙන් අහනවා. සින්දු ළඟට පැමිණෙන  ආදිත්‍යා සින්දුට අම්මා කියලා කතා කරනවා. ඉන්පසු තම සැමියා සහ දරුවා වැළදගෙන සින්දු හොඳටම අඬනවා .මනී ද කඳුළු පුරෝගෙන ඔවුන් වැළඳගන්නවා. මෙසේ නැවත ඔවුන් තිදෙනා එකතු වෙනවා.මෙතනින් කතාව අවසන් වෙනවා.

 

-අවිශ්කා අලුත්වත්ත-

 

DADA MOVIE


Today I am bringing you the movie Dada. This is directed by Ganesh K Babu. So let's see what happens in this story.

 Mani and Sindu are a couple who met in the campus. Their love relationship goes far and they get pregnant by Sindu Mani. After that, Sindu doesn't like it even if Mani says to kill the child. After that, Sindu moves with Mani to the house of Mani's friend Amit for a while. . The two go to Amit's house against their parents as well. Meanwhile, Mani works as a hired hand and takes care of the song. But due to a problem at Amit's house, Sindu and Mani move to another house for less money. But one day, while living like this, both have to face economic problems. Not only that, Mani comes home drunk after work. Due to these situations, conflicts also arise between Mani and Sindu. Then Mani angrily goes to his place of work. After a while, Sindu becomes very difficult. Sindu makes phone calls to Mani, but Mani switches off his mobile phones. Meanwhile, when a woman from a nearby house came to give Sindu some food, she saw Sindu lying unconscious and took her to the hospital. Mani hears all this in the evening. After that, Mani runs to the hospital but Sindu is not seen there. Only the child is in the hospital. Mani can't even find where the songs went. Because of this, Mani is very angry with Sindu. Mani goes to his house with the child, but Mani's father rejects the child and Mani. Then Mani does not know how to adopt a child, so he takes the child to an orphanage. Mani, who leaves the child there, feels pain in his heart. Then Mani runs back and takes the child. After that Mani moves to Amit's house. Amit and Mani raise the child together. Meanwhile, Mani is pursuing his degree. Then Mani gets a good job. One day Mani meets his sister-in-law. She tells Mani that she is hiring new people for positions at work and he should apply for them. Ata also says that he will get a big salary. At the same time Mani goes home very happy and the next day he goes to his sister-in-law's place of work. Mani is being recruited in that company and is told to come to work from the next day. Money goes to work the next day, but it says that someone else was hired for the position instead. Then Mani gets very angry. Because Mani no longer has the place he was working before. Mani then learns that his own sister-in-law asked him not to be hired for this position. Mani then leaves angrily and sadly.

Mani goes to school to pick up his child. At this time, Mani scolds him due to a problem with the father of a child in the school. His name is Gokul. Because Gokul insulted him, he files a complaint with the police. Because of this, Mani has to go to the police. Mani's son Aditya goes to Gokul and apologizes. He also asks to let his father go. Sensing this, Gokul withdraws his complaint from the police. Gokul and Mani later become best friends. Mani tells him about losing his job. Gokul then sends Mani to a premier institution. He also says that Mani will get a big salary here. Money goes to that company the next day and the head of the company tells Money to start work on the same day. At this time he says that Gokul has never asked for so much help. However, here Mani gets to see the song. Sindu holds a higher position than Mani in this institution. Sindu suddenly sees Mani and gets shocked. But they no longer have the previous closeness. Mani meets Gokul and says that he wants to quit this job. Mani tells him that his ex-wife also works here. But Gokul says to forget songs and think about the child and continue this job. He explains to Mani that it is very difficult to get a job in such an organization.

After that, Money continues to work in that company. In a few days, Mani will move to a new luxury house with the child, and Mani's parents will bring an invitation to their brother's wedding ceremony. A few years later Mani gets his family back. Meanwhile, a girl in the company where Mani works falls in love with Money. Not only that, a boy in the same company also loves Sindu. None of them know that Mani and Sindhu were married before, but later they come to know that Sindu and Mani were married. Then they try to collect songs and money. But due to some problems, both of them scold again. Meanwhile, a person who holds a higher position than Sindu in that institution disturbing the sindu.


Knowing this, Mani hits him. Money gets a trancer with this question. After receiving the transformer, before Money goes to those institutions, the friends of the institutions decide to throw a party for Money. Mani brings his child to this party. Then Aditya plays with Mani's friends. Meanwhile, Aditya goes to Sindu's office room. Sindu does not know that this is her child. She asks the child what is his name and the child says Aditya. Then Sindu remembers that their child was also going to be named Aditya. Sindu then asks what is father's name. Then Aditya says Manikandan. The song loses its meaning. When he asked what the mother's name was, a servant came there and took the child. Then Sindu makes a phone call to his home. It is at this time that Sindu learns that her parents lied to her that day. The parents are also trying to take the song abroad saying that the child is dead. Sindu gets angry with Mani for losing the child. After realizing that all this is a misunderstanding, he comes to Mani singing. By that time everyone is celebrating the party, then they leave Mani and Sindu alone. The songs are full of tears and tell everything that is happening. Sindu asks Mani why didn't you come to find me, I was waiting. Anyway, Sindu apologizes to Mani. Then he asks Mani if ​​he can see the child. Aditya comes to Sindu and calls Sindu as mother. Then Sindu cries profusely hugging her husband and child.Mani also hugs them in tears. Thus the three of them come together again. Here the story ends.

-Awishka Aluthwaththa-

 

 

 

4 comments:

  No Hard Feelings No Hard Feelings is a 2023 comedy directed by Gene Stupnitsky, starring Jennifer Lawrence as Maddie, a financially stru...