Translate

Saturday 10 June 2023

 වාති චිත්‍රපටය


අද මම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ 2023 පෙබරවාරි 17 වන දා එළි දැක් වූ “ වාති  චිත්‍රපටය” යි.මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Venky Atluri වන අතර Suryadevara Naga, Vamsi , Sai Soujanya නිෂ්පාදනය කරනු ලබයි.මෙම චිත්‍රපටයේ ශතන් ධනුෂ් ප්‍රධාන චරිතයට පණපොවයි.එසේ නම් අපි කතාව පැත්තට යමු.

මේ කතාව ආරම්භ වන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට විශාල මුදලක් දී දෙමාපියන් තම දරුවන්ව යවන දර්ශනයකි.නමුත් මෙතන ඉන්න පිරිමි ළමයෙක්ට උගන්වන කිසිදෙයක් නොතේරෙයි. මෙම පිරිමි ළමයා ඉංජිනේරුවරයෙක් කිරීම තම දෙමාපියන්ගේ එකම සිහිනයයි.ඔහු නිවසට පැමිණෙන විට තම සීයා වන බූතූගේ සී.ඩී කඩය විකිණිමට දෙමාපියන් තීරණය කර ඇත.ඒ ඔහුගේ අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහායි.ඉතින් මේ ළමයා තම මිතුරන් දෙදෙනා ද සමඟ සී.ඩී කඩයට යන්නේ එය අස් කිරීමටයි.මේ වන විට ඔහුගේ සීයා වන බූතු මිය ගොස් ඇති අතර එම කඩයේ සඟවා තිබූ සී.ඩී තැටි පෙට්ටියක් හමුවෙයි.මොවුන් මෙය නැරඹීමට යන්නේ නිල් චිත්‍රපටයැයි සිතූ නිසාය. නමුත් එහි දර්ශනය වන්නේ ගණිතය උගන්වමින් සිටින ගුරුවරයෙකි.එවිට ඔවුන්ට මතක් වෙන්නෙ අද ඉගැන්වූ පාඩම් ය.ඉතින් මෙම පෙට්ටියේ තිබූ කොල කෑල්ලක ඒ.ම්.කුමාර් ලෙස නමක් දා තිබු අතර ප්‍රදේශයක් ද සඳහන් කර තුබුණු නිසා මොවුන් එම ගුරුවරයා සොයා යයි.

පිරිමි ළමයි තිදෙනා එහි යනවිට ඒ.ම්. කුමාර් එම ප්‍රදේශයේ දිසාපති තනතුර දරයි.ඉතින් ඔවුන් කල්පනා කරන්නේ එවැනි පුද්ගලයෙක් කොහොමටවත් උගන්වනු නැති බවයි.නමුත් අර සී.ඩී තැටි වල සිටිය පුද්ගලයා සහ මෙම දිසාපති තනතුර දරන පුද්ගලයා වෙනස් බව ඔවුන්ට පෙණුන නිසාවෙන් ආපසු හැරී යාමට තිරණය කරනු ලබයි.එවිට ළමයින් තිදෙනාට කතා කරයි. එම අවස්තාවේ දී බූතුගේ මුණුබුරා බව දැනගත් විට ඉඳගන්න පවසා අතීත කතාවක් දිසාපති විසින් කියන්න පටන් ගනි.


මෙම කාලයේ දී ආර්ථිකය ඉහළ යෑමත් සමඟ රටේ අධ්යාපනය පෞද්ගලීකණය වෙයි.රටේ අධ්යාපනය මුදලට විකිණෙයි.රජයේ පාසල් මෙහිදී වැසී යයි.මොකද හොඳම ගුරුවරුන් පෞද්ගලික ආයතන විසින් මිලදි ගනී.දුප්පත් දරුවන් පාසල් යෑම නතර කොට රැකියාවල නිරතවෙයි.මේ නිසා මෙයට විරෝධතා මතු වීමත් සමඟ පෞද්ගලික ආයතනවල ප්‍රධනියා රජයේ පාසල් තමන් යටතට ගැනීම සඳහා ක්‍රියා කරයි.එහි පළමු පියවර ලෙස තමන්ගේ ආයතනයේ සිටින සහය ගුරුවරු ගම්වල රජයේ පාසල් වෙත යවයි.මෙහි සිටින එක් සහය ගුරුවරයෙක් වන බාල මුරුගන් විමසා සිටින්නේ රජයේ පාසල් වල සේවය කිරීමෙන් ඔවුන්ට උසස්වීම් ලබා දෙනවාද කියයි.මෙහිදි තිරුපතිට කේන්ති ගියත් එය නොපෙන්වා පිළිතුරු ලෙස ලබා දෙන්නෙ සියලු දෙනාම හොඳම ප්‍රතිඵල පෙන්නුවහොත් උසස්විම් ලබාදෙන බවයි.බාල මුරුගන් මේ බලාපොරොත්තුවෙන් ගමට යයි. මෙහිදී එම පාසලේ ගුරුවරියක් වූ මීනක්ෂි ගැන අදහසක් පහළ වෙයි. කෙසේ නමුත් පළමු දවසේ ළමයි පැමිණියත් දෙවන දවසේ සිට ළමයි නොපැමිණෙයි.ඔවුන් රැකියාවලට ගොස් සිටියි.

පහුවදා රැස්වීමක් තබා බාලමුරුගන් කළ කතාවකින් පසුව ළමයි සියලු දෙනාම පාසල් පැමිණෙයි.නමුත් ළමයින් වෙත ලබාදෙන ගෙදර වැඩ වලදී 45 දෙනාගේම එකම අත් අකුරු අන්තර්ගත වෙයි.එවිට බාල මුරුගන් එය විමසා එම  අත් අකුරු වල හිමිකාර ළමයා සොයා යයි.ඔහු මුත්තු වෙයි. ඔහුගේ දෙමාපියන් මියගොස් ඇති අතර කුලිවැඩ කරමින් ජිවත් වෙයි.ඔහු දක්ෂයෙකු වුවත්   අධ්‍යාපනය අතහැර ඇත.ඔහුව තම බෝඩිම වෙත රැගෙන යන බාල මුරුගන්, මුත්තුව පාසලට රැගෙන යයි.කාලය ගෙවී ගොස් විභාගයක් පැවැත්වෙන අතර එහි දී සිසුන් 45 දෙනාම 100%  ප්‍රතිඵල ලබාගනි.මෙහිදි පාසලට තිරුපති පැමිණි අතර තමන්ගේ සිසුන්ගේ ප්‍රතිඵල කියා උසස් වීම ගැන විමසා සිටි.නමුත් මේ පෞද්ගලික ආයතනයේ ප්‍රතිඵල 75% කි.තිරුපති බාලා ට බැනවදී. එනම් රජයේ පාසලක් හොඳම ප්‍රතිඵල ලබාගත්විට එය ඔවුන්ගේ ව්‍යාපාරයට බලපාන නිසාවෙනි.තිරුපති විසින් බලා ට කියන්නෙ සියල්ල මුදල මත තීරණය වන බවත් දුප්පතාට එය හිමි නැති බවත් ය. මෙහි දී බාලාට කේන්ති යයි.තිරුපති මෙහිදී කියා සිටින්නේ බාලට තමන් සමඟ එන ලෙසත් එවිට ඔහුගේ ආයතනයේ හොඳම ශාඛාවක රැකියාව ස්ථිර කර දෙන ලෙසත් කියා සිටියි.ඒ වෙනුවට ඔහු තම රැකියාවෙන් ඉවත් වෙයි.


ඉන්පසු බාලා හිස් ඉඩමක පැලක් සදා එහි දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරයි.නමුත් මෙය දැනගත් තිරුපති ඔහුට පහර දීමට මැරයන් එවන අතර එම ස්ථානය ද විනාශ කරයි.මෙහිදී පොලිසියෙන් ද බාලා වැරදිකරු කොට රැගෙන යන අතර ඔහුට අධික ලෙස පහර දී එවයි.එසේ පැමිණෙන විට බලාව ගමෙන් පැන්වීමට කටයුතු සිදුකර තිබේ.බාලා ඉතාමත් අමාරුවෙන් යද්දී මුත්තු ඇවිත් අනෙක් ළමයිට බැණ වදින්නේ තම ගුරුවරයා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය නිසා මෙය වුණ බව පවසමිනි.මෙහිදී දරුවන් සියල්ලන්ම දෙමාපියන්ගේ අණට කීකරු නොවී බාලා වෙත පැමිණෙයි.පැමිණ ඔහුව නගරය වෙත යන බස් එකට දමයි.මිනක්ශී මේ සිදුවීම් වන විට ගමේ නොසිටියි.ඇය මේ සියල්ල දැනගන්නේ පසුව ය.තම නිවසට පැමිණි බාලා රැකියාවක් නැති නිසාම ළමයින්ට අමතර පංති කරන අතර මීනක්ශි ඔහුව සොයාගෙන නිවසට එයි.මිනක්ශි පසුව ඔවුන්ගේ ගමේ පාසලේ දරුවන් ගැන කතා කරයි.ඔවුන් නැවත පාසල් නොපැමිණෙන බවත් රැකියාවල නිරිත වෙන බවත් ය.මෙහිදී බාලා ට ගමට යාමට නොහැකි නිසා තමන් උගන්වන විඩීයෝ දර්ශන ගමට යැවීමට සැලැස්වීමයි.මෙහිදී බූතූ එකළ සී.ඩී කඩයකට අමතරව සිනමා ශාලාවක් ද පවත්වාගෙන යනු ලබයි.මෙහිදි මීනක්ශී දරුවන් හමුවී සිනමා ශාලාවට එන ලෙස පවසා සිටියි.ඒ අතර මැද වෙස් වලාගෙන ඇවිත් බාලා දරුවන්ට උගන්වයි.ඉන්පසු ඔවුන්ගේ ප්‍රධාන විභාගය පවැත්වෙයි.තිරුපති  මේ සියල්ල දැනගන්නේ පසුව ය.මෙහිදී තිරුපති  විභාගය දවසේ දී  දරුවන් රැගෙන යන බස් රථය නැවත්වීමට මැරයන් එවනු ලබයි.අවසනයේ දරුවන් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබන්නේ ගොන් කරත්ත රැසක් මඟිනි.

දවස් ගෙවී ගොස් ප්‍රථීපල නිකුත් කෙරෙන අතර සිසුන් ප්‍රතිඵල නැරඹීමට බිය වෙයි.මෙහිදී එතැනින් යන පුද්ගලයෙකුට ප්‍රතිඵල බලා කියන ලෙස ඉල්ලාසිටී.සිසුන් 45 දෙනාම ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා තේරී පත් වෙයි.නමුත් එහි ප්‍රතීඵල 46ක් පවති. අවසාන ප්‍රතිඵල කියවයි.ඔහු ඒ.එම් කුමාර් ලෙස කියවන අතර දිස්ත්‍රික් ප්‍රථමයා බව පවසයි. නමුත් දරුවන් කුමාර් කවු ද යන්න නොදනී.එවිට මුත්තු ඉදිරියට පැමිණෙයි.ළමයි හැමෝම සතුටු වෙයි.මෙය දැනගත් තිරුපති එම දරුවන්ගේ නිවැස්වලට පැමිණ එම ප්‍රතිඵල ලබා ගත්තේ තම ආයතනයෙන් බව පැවසුවහොත් ඉදිරි අධ්‍යාපනය සඳහා සියලු වියදම් දරන බව පවසයි.බාලා මේ දේ වන බව කල්තියාම දැනගත් අතර දරුවන්ට කියන්නේ එයට කැමති වන ලෙසත් නමුත් ඔවුන් හොඳ තැනකට පැමිණි පසු අනෙක් දුප්පත් දරුවන් සඳහා සේවය කරන ලෙසත් ඉල්ලා සිටී.මේ ඔවුන් අවසාන වතාවට ඔවුන්ගේ ගුරුවරයා දුටු අවසාන දවසයි.මෙතැනින් දිසාපතිතුමා තමන්ගේ අතීතකතාව අවසන් කරයි.එමෙන්ම ඔහු එදා සිටි මුත්තු බවත් පිරිමි ළමයි තිදෙනාට පවසයි.

පසුව මේ දිසාපතිතුමා මේ පිරිමි ළමයින් තිදෙනා රැගන යයි.ඒ යන්නේ එදා ඔවුන් ඉගෙන ගත් සිනමා ශාලාව වෙතටයි.අද එය ළමයින් බොහෝ ගණනකට නිදහස් අධ්‍යාපනය ලබාදෙන තැනකි.එහි ඉගැන්වීම් කටයුතු කරන්නනේ බාල මුරුගන්ගේ සිසුන් ය.ඔවුන් සියලු දෙනාම අද ඉහළතැන්වල රැකියා කරන අතර ඒ අතර මැද කාලය බෙදාගෙන ඔවුන් මෙම ස්ථානයට පැමිණ අධ්‍යාපනය ලබාදෙයි.මෙම චිත්‍රපටය අවසන් වෙන්නෙ බාල මුරුගන් තවමත් අධ්‍යාපනය ලබාගැනීමට කැමති දරුවන් වෙනුවෙන් පෙනී සිටින දර්ශනයකිනි. අධ්‍යාපනය යනු සියලු දරුවන්ගේ අවශ්‍යතාවයක් සහා අයිතිවාසිකමක් බව අපට කියාදෙයි.

 

  💛💝-අවිශ්කා අලුත්වත්ත-💝💛


VATHI MOVIE

 


Today, I will be reviewing the film' Vathi'. It's been filmed in 17th of February 2023 and directed by Venky Atluri and produced by Sir Suryadevara Naga, Vamsi , Sai Soujanya. Main character of this film is done by shathan dhanush.

Story starts with a scenario of spending lot of money for tuitions classes. A boy in this class doesn't understand anything. But their parents want him to be an engineer. After this scenario when the child came back home he came to know that his parents are trying to sell his grandfather’s (Buthu) CD shop. So this child went with three of his friends to tidy the shop. Somehow they found out some old CDs and thought of watching them, thinking the old CDs are with blue content. For the surprise the CDs were on some teachings of mathematics. Out of curiosity they started to investigate the CDs. Then they were able to find a small paper named A.M Kumar and a living place. So the 3 boys thought of meeting this man. However, as they realized that this man named A.M. Kumar is a leader of that area. And the person in the CDs and this leader were not the same as from the looks. So the boys decided to leave. Somehow the leader saw them and asked them to meet him. Then he realized the children know about Buthu. Then the leader started telling an old memory of his.


According to the memory,The time was the start of private education. With the privatization rich students tended to move toward private institutions. So a handful of students remained in government schools. Some government schools were getting shutdown. Most of those poor students were dropping out from schools and going for work. Even the best teachers were paid and taken by private schools. This lead to rise protests and rallies against privatization. To overcome from this the owner named Thirupathi started a new mechanism.As the first stage they decided to make the teachers to work in government schools so that the owner can privatize the schools in the future. The teachers were motivated saying that they will be given promotions if the students showed good results. Bala murugan with expectations of promotions went to the village. Also his mind filled with some thoughts about a lady teacher called Meenakshi at that school. As for the record of the school attendance it was low and from the 2nd day none of the students came to the school.

In another day Bala Murugan conducted a speech and motivated students to come for school. So as the students did. Bala Murugan gave homework. For his surprise all the homework were done by a single person. That student was Muththu.Muththu's parents were dead. So to overcome from poverty Muththu has stopped schooling and worked for a daily wage. But Muththu was a bright kid. What Bala did was, he took this boy to his boarding and gave him the needed resources and education at school. Somehow the examination came up and all the students passed the test with flying colours. So Bala asked for promotions from the owners of the private institutions. Instead what Bala found was accusations, saying if poor children got high marks the private schools could shut down. Angry Bala quitted from his job.


Then, Bala started to grow plants in a place that he was living. Somehow this message was went to Tirupati and he destroyed balas place. Even Bala was hit by the company of Tirupati. So as for this problem Bala has been taken for custody by the police. Even at the police Bala has been hit such that Bala became very weak when he was arriving to the village. While he was arriving he has found that all the villages are also against him because a false message have been given by Tirupati to the villagers. For Bala's luck there was Muthu. Muthu enlightened others that Bala is a good man and he has been trying to help the students in the school. Somehow in this occasion Meenakshi was not in the village. Anyway the villagers and the children helped Bala to get on to a bus so that he would go to the town.

So Meenakshi get to know about this after sometime and sage thought of visiting balas’ place in the town. As Bala has not been employed, he has been doing some tuition classes for the students for a reasonable payment. So in their conversation Meenakshi stated that the students are not coming to schools as they were before. Also students are not learning and school has to be shut down. So Bala was disappointed and he thought of a way to help the students. In this time buthu was the person in the village who had a CD shop and also a small cinema hall. So the plan was done by Meenakshi and Bala. According to the plan the students came to the film hall and, the mischiefs Bala thought students inside the film hall. In the beginning in Thirupathi didn't know anything about this. Then the examination dates came up. So the students were prepared to visit the examination hall and they have been travelling by buses. In some sort of a way Thirupathi has gt to know about this and he planned on stopping those buses and also it worked. But the students were taken to the examination halls via bullock carts.


Time pass by. The results date showed up. In the beginning the students were reluctant to look at their results. So they requested a person who was nearby to look all those 45 students’ results and let them know about that. For the surprise all the students were selected for engineering and also medical studies. And also the man announced a 46th student's results. All of the students were surprised and curious about who is this new student. Even the man stated that the name of the student is A.M. Kumar and he is the district first. Out of curiosity Muththu came to be this student named as Kumar.

 So infuriated Thirupathi came to the villagers and asked for a bargain. The bargain was that the student should say the results were taken because they have been taught from the privatized institute own by Thirupathi such that if they did so, Thirupathi will give them all the resources and the education for the higher studies for free. Bala has known that this kind of a thing would happen so that he had informed about this to the students. And also requested the students to accept the bargain and carry out their higher studies. After they have learnt, teach the rest of the poor students and also in the future so that poor people can also get the education. With that the story of the memory of A.M. Kumar is stopped The leader of this village at present stated that he is that person who has used to call as Muththu.


Then this leader, A.M. Kumar takes these three students to the film hall which Bala has been teaching to those poor students at past. And there the three students saw, so many of poor students are getting the free education. All the teachers were the people who were doing white collar jobs and who have been thought by Bala Murugan. From the end it can be stated that the philosophy of Bala Murugan continued by his fellow students. And it gives the message that education is a need for all the students no matter rich or poor.

 

💝💛-Awishka Aluthwaththa-💝💛

 

 

 

 

 

 




7 comments:

  The Danish Girl "The Danish Girl" is a biographical drama film directed by Tom Hooper, released in 2015. The film is based on ...